ජයවර්ධනපුර මහ රෝහලේ රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරියක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇති වූ තත්ත්වය මත රෝහලේ සේවය කළ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් වීමත් සමග දැනට වසරක පමණ කාලසීමාවක මුළුල්ලේ මෙම රෝහලේ ස්නායූ ශල්‍යකර්ම නතර වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
එසේම දැනට සති කිහිපයක කාලසීමාවක සිට මෙම රෝහලේ හදවත් සැත්කම් සිදු කිරීමද නතර වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙයට හේතුව හදවත් බයිපා සැත්කම් සිදුකිරීමේදී උපයෝගී කරගන්නා හෘද- පෙනහළු යන්ත්‍රය ක්‍රියාකරවීම සම්බන්ධ විශේෂ නිපුණතාවය සහිත ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ශිල්පීන් දෙදෙනාගේ වයස අවුරුදු 60 ඉක්මවීම නිසා ඔවුන් යළි සේවයට එක් කර ගැනීමට අධ්‍යක්ෂක මණ්ඩලය කැබිනට් අනුමැතිය ලැබෙන තුරු බලා සිටීම බව ඔහු පෙන්වා දෙයි.
රෝහල තුළ දැනට අදාළ විෂය පථය සම්බන්ධ තවත් කනිෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සේවය කරන නමුත් රෝහලේ සේවය කරන හෘද ශල්‍යා විශේෂඥ වෛද්‍යවරුන් මෙම කනිෂ්ඨ නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට මැලිකමක් දැක්වීම මත මෙම අර්බුදය මතුවී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
හදවත් සැත්කම් සිදු කිරීමේදී හදවතේ ක්‍රියාකාරීත්වය යන්ත්‍රයකට භාරදීම සිදු කරන අතර එම ක්‍රියාව සඳහා ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ශිල්පීන්ගේ සහයෝගය අවශ්‍ය බවට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කොට ඇති නිසා මේ සම්බන්ධව පරිපාලන අවුල නිරවුල්වනතුරු ජයවර්ධන රෝහලේ හදවත් සැත්කම් නතර වී ඇති බව වාර්තාවේ.
දැනට පුද්ගලික අංශයේ රෝහලක හදවත් බයිපාසයක් කමක් සඳහා රුපියල් මිලියන 2 කට ආසන්න අවම මුදලක් වැය වන අතර මෙවැනි සැත්කමක් සඳහා සාමාන්‍යයෙන් අනෙකුත් සේවා ගාස්තු හා වෛද්‍ය ගාස්තු හැර රෝහල් ගාස්තුව ලෙස පමණක් ලක්ෂ පහකට ආසන්න මුදලක් වැය වන බැවින් නතර වීම අදාළ ශල්‍යකර්ම මුදල් ගෙවා සිදු කිරීමට බලාපොරොත්තු වෙන රෝගීන්ටද දැඩි අසාධාරණයක් වී ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
දැනට දිවයින පුරා රෝහල්වල දස දහසකට ආසන්න ප්‍රමාණයක් හදවත් ආශ්‍රිත ශල්‍යකර්ම බලාපොරොත්තුවෙන් සිටින අතර මෙම පොරොත්තු ලේඛව තවත් වසර පහකට ආසන්න කාලයක් දීර්ඝව පවතින බවද වෛද්‍යවරයා සඳහන් කරයි.
මෙවන් තත්ත්වයක් යටතේ ජයවර්ධනපුර රෝහල සම්බන්ධයෙන් ඇතිවී ඇති මෙම අර්බුද විසඳීමට රජයේ කඩිනමින් අවධානය යොමු යුතු බවද ඔහු පෙන්වා දෙයි.

"ත‍්‍රිකුණාමලයේ තැන්පත් කල බුද්ධ ප්‍රතිමාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් බුදුරජාණන් වහන්සේ අත්අඩංගුවට ගත්ත. අපේ සංස්කෘතියට ගහන්න පටන් ගත්තා ආපු ගමන්. බුද්ධ ශාසන අමාත්‍යංශය නැති කෙරුව. ලංකා ඉතිහාසයේ මේ අනුරගේ පාලන කාලයේ විතරයි මෙච්චර විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ.
ReplyDeleteඉස්සර වගෙ හිතුන හිතුන හැම තැනම කඩ කෑලි අටෝ ගන්න බැරි නිසා කහකඩ මුදලාලිල සොවින්
Delete