කුණාටුවෙන් විශාල පිරිසක් මිය ගිහින්... අතුරුදහන්.. ඇත්ත වහන්න ආණ්ඩුව බොරු ඉලක්කම් කියනවා...

 


රටේ නොසිතු මොහොතක ඇති වු ව්‍යසනය නිසා ජීවිත අහිමි වු සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ද  බිද වැටුනු ජීවිත යලි ගොඩ නගා ගැනීම සඳහා ආශිර්වාද පතා පැපිළියාන පුරාණ රාජමහා විහාරස්ථානයේ දී නව ජනතා පෙරමුණ විසින් පවත්වන ලද පිංකම වැඩසටහනේ දී පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් අදහස් ප්‍රකාශ කරන ලදී.

එම පිංකම සඳහා වෙනත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගි වන ලදී.

එහිදි මියගිය ජනතාවට බෞද්ධ ආගමික වතාවත් අනුව පුණ්‍යානුමෝදනා සිදු කර අමා මහා නිවන් සුව ප්‍රර්ථනා කල අතර අනිකුත් ආගමික නායකයින් විසින් ඒ ජීවිත වලට ආශිර්වාද සිදු කරන ලදී.

'ආණ්ඩුව විසින් ඇත්ත සංඛ්‍යා ලේඛන දෙන්නේ නෑ. ඔවුන් කියන්නේ 500 විතර මරණයට පත් වෙලා තියෙනවා තව 300 විතර අතුරුදහන් වෙලා කියලා. නමුත් අපිට ලැබෙන තොරතුරු අනුව මරණ සංඛ්‍යාව මීට වඩා විශාලයි. අතුරුදහන් වු සංඛ්‍යාවත් මීට වඩා විශාලයි. අවතැන් වු සංඛ්‍යාවත් මීට වඩා විශාලයි. ආණ්ඩුව උත්සහා කරන්නේ අද මේ ඇත්ත සංඛ්‍යා ලේඛන වසන් කරලා මේ සිදු වු ව්‍යසනයේ බරපතල කම දියාරු කරලා හරින්න. මොකද අද කයියනායක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දන්නවා මේ ව්‍යසනය වුනේ තමන්ගේ හා තමන්ගේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව හා කළමනාකරණයේ දුර්වලතාවය නිසා කියලා. 

දෙයියනේ 12 වනිදා කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා කියනවා මෙවැනි ව්‍යසනයක් එනවා. මෙවැනි සුලි කුණාටුවක් එනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඊට අදාල රතු නිවේදන නිකුත්කරලා තියෙනවා. මෙලෙස රතු නිවේදන නිකුත් කරලා තියෙද්දිත් ඒ අවශ්‍ය විදිහට මහවැලිය,වාරිමාර්ග,ජල සම්පාදන ,විදුලි බල මේ සියල්ල කළමනාකරණය කරගත්තේ නැත්තේ අපි නොවෙයි මාලිමා ආණ්ඩුවයි. අපි කියන්නේ ජනාධිපතිතුමා ඇතුළු මේ රජය මේ සියලු ඝාතන වලට වග කියන්න ඕනේ. ඔයිට වඩා හොදයි පිට කොටුවේ ඉන්න හාල් මුදලාලි කෙනෙකුට දුන්නනම් මේ ප්‍රශ්නය මීට වඩා හොදින් කළමනාකරණය කරනවා. මේ තත්වය අපිට සමාන කරන්න පුළුවන් පාස්කු ප්‍රහාරයටම. ඒ නිසා මේකත් හිතාමතාම තමා මේ ජීවිත අනතුරට පත් කලේ. ඒ නිසා මෙහි බරපතල කම දියාරු කරන්න ජනාධිපතිතුමා ජාතිය අමතලා කතාවක් කලා සංඛ්‍යා ලේඛන කිසිවක් අතේ නැතුව. ජනාධිපතිතුමාගේ කතාවේ දි පාරවල් ටික හැදුවා, ඇල වේලි ටික අස්වැද්දුව්,පොහොර ටික දුන්නා,ජන ජීවිත වලට යතා තත්ත්වයට පත් කලා විනාඩි 17 කතාව තුල. කරන්න බැරි වුනේ මැරිච්ච ජීවිත වලට පන දෙන එක විතරයි. අනේ ජනාධිපතිතුමනි අපි අවුරුද්දක් දැන් බලන් හිටියා ඔබතුමාගේ සුරංගනා කතා ඇහුවා දුන්න පොරොන්දු එකක් වත් අවුරුද්ද ඇතුලත ඉටු කලේ නෑ. ඒ නිසා අපි කියනවා අන් අයගේ සහායෝගය ගන්න. මීට වඩා කොවිඩ් කියන ජාත්‍යන්තරව වේලා ගත් ව්‍යවසනය කළමනාකරණය කල නායකයින් ඉන්නවා . ඒ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා.

රට වහලා තියෙද්දි හදුනා නොගත් මේ රෝගයෙන් ඇමරිකාව ,ජර්මනිය, ඉන්දියාව වැනි රටවල මිනිස්සු මැරිලා වැටෙද්දි අප රට කොවිඩ් පාලනය කල හොදම රට බවට පත්කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා සමත් වුන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා ප්‍රකාශයට පත් කලා. ඒ වගේම රනිල් වික්‍රම සිංහ ජනාධිපතිතුමා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාම රටට ආපු ව්‍යයසන කළමනාකරණය කරන්න සමත් වුනු රට ගොඩදාපු නායකයෝ. ඒ නායකයින්ගෙන් අත්දැකිම් ගන්න. ඒ වගේම හරිම අවාසනාවන්ත තත්වයක්. මේ වගේ ව්‍යවසනයක් ආවාම පෙර පැවැති රජය හෝ රාජ්‍ය නායකයින් මේ ව්‍යවසන කළමනාකරණය කරන්න අතට ගත්තා.  

2003 මහා ගංවතුර ආපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගේ ආණ්ඩුව ඒ අභියෝගය බාරගත්තා. සුනාමි ආපු වලාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ඇතුළු ආණ්ඩුව ඒ අභියෝගය බාර ගත්තා. ඊලගට තිස් අවරුදු යුද්ධයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩව ඒ අභියෝගය බාරගත්තා. ඊලගට 2016 අවුරුද්දේදි ඇතු වු මහා ගංවතුරේ දී  මෛත්‍රිපාල සිරිසේන  මහතා ඇතළු ආණ්ඩුව ඒ අභියෝගය බාර ගත්තා.කොවිඩ් ව්‍යසනයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඒ අභියෝගය බාර ගත්තා. මේ අවස්ථාවේ දී මේ ව්‍යසනය කළමනාකරණය කරන්න බාර අරගෙන තියෙන්නේ පැලවත්ත සහා සමාගම. පැලවත්තේ ලොකු අයියා ටිල්වින් සිල්වා මහතා වැස්සකට වත් සභාවකට ගිය නැති මනුස්සයෙක්. කිසිම අත්දැකීමක් නැති කෙනෙක්. එතුමා දන්නේ ඒ මතවාදය වෙනුවෙන් පෙනි සිටින්න විතරයි. ඒ වගේ මහත්තයෙක් දෙන උපදෙස් අරගෙන නම් මේ ව්‍යසනය කළමනාකරණය කරන්න හදනේනේ. අපේ රටට අඹ සරණයි කියලා තමයි කියන්න වෙන්නේ. ‍

මාලිමාවේ පාපිසි කෑල්ලක් පාර්ලිමේන්තුවේ දී කියනවා අපි දැක්කා පසුගිය දවසක ව්‍යවසනය ආපු වේලාවේ හොදම කණ්ඩායම තමයි මේ ඉන්නේ කියලා. රතු තරු ටික ගමට බහිනවා කියලා . අනේ අද වෙනතුරු බත් ඇටයක් හමු නොවුන මිනිස්සු ඉන්නවා. ජනතාව බලන් ඉන්නවා රතු තරු එනකන්. රතු තරුත් නෑ ,තනි තරුත් නෑ, වල්ගා තරුත් නෑ, ජනතාවට දවල් තරු තමයි පෙනිලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ ව්‍යසනය මැදින් දේශපාලනය කරන්න එපා. ඔබතුමාගේ ඔය පාපිසි ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රිවරුන්  පිස්සු බල්ලන් මේ බොරුවට කෑ ගහනවා. ඔය බොරුවට උඩු බුරන පිස්සු බල්ලන් බැදලා දාන්න.  

මේ වෙලාවේ මේ සමාජ මාධ්‍ය ක්‍රියා කාරින් පෙන්නලා දෙන්නේ ආණ්ඩුවේ අඩුපාඩු. මේ ආහාර,අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හමු නොවුන තැන් තමයි පෙන්නලා දෙන්නේ. ඒ නිසා මේවා වැරදියට ගන්න එපා. ජනාධිපතිතුමා මේ අයුරින් උද්දච්ච විදිහට වැඩ කරන්න එපා. මේ හදිසි නිතියෙන් විපක්ෂයේ දේශපාලඥයින්, ක්‍රියාදරයින් දඩයම් කරන එක නතර කරලා හිටපු ජනාධිපතිවරුන්ගේ, ආගමික කායකයින්ගේ, මහා නායක හිමි වරුන්ගේ ,කාදිනල් තුමාගේ, කුරුක්කල් තුමාලාගෙන් උපදෙස් ගන්න  මේ රට ගොඩනගන අභියෝගය බාර ගන්න අවශ්‍ය . 

ජනාධිපතිතුමනි කයියි නෙමෙයි දැන් උවමනා වෙලා තියෙන්නේ වැඩයි. ඒ වගේම මේ අවස්ථාවේ ඔබතුමාගේ කැබිනට් එකේ ඉන්නවා වැඩ බැරි ටාසන්ලා ටිකක්. විදේශ කටයුතු ඇමතිතුමා ගොළුයි. එතුමාට බෑ මේ ව්‍යසනය පාලනය කරන්න. මේ පිළිබදව ජාත්‍යන්තරය හා තානාපති වරු දැනුවත් කරනවා විජිත හේරත් ඇමතිතුමා කටයුතු කරනවා අපි දැකලා නෑ. බස හසුරුවන්න පුළුවන් ඇමතිවරයකු පත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් ඇමතිවරයකුට බාර දෙන්න. ඔබතුමාට දැවැන්ත අභියෝගයක් ලැබිලා තියෙනවා. අවුරුද්දක කාලයක් පුරාවට කලේ කපටි වැඩ,ජනතාව අන්දන එක . දැන්වත් මේ ජනතාව රවටන එක නතර කරලා මේ ව්‍යසනකාරි තත්ත්වයෙන් රට මුදා ගන්න කියලා අපි කියන්න කැමති. 

3 Comments

  1. ""රටේ නොසිතු මොහොතක ඇති වු ව්‍යසනය නිසා ජීවිත අහිමි වු සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමින්"" කියලා පටන්ගෙන මූ කියනවා 12 වෙනිදා මේක දැනගෙන හිටියලු. එහෙමනම් උඹලා ජලාශ හිස් කරන්න කියලා හරි වෙන පියවරක් ගන්න කියලා කියපු එක තැනක් පෙන්නන්න පුලුවන්ද ? දැනගෙනත් එහෙම බල කරේ නැත්තේ ආන්ඩුවට බනින්න මිනිස්සු මැරෙනකම් බලන් හිටිය නිසාද?

    ReplyDelete
    Replies
    1. උද්ධච්ච ජෙප්පෝ උපදෙස් එපා කිව්වා මතක නැතිද? හිල් ජංගියෙ රෙවිල කෙඳිරිය

      Delete
  2. මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා //

    මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
    කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි //
    රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි
    මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි //

    මල් සුගන්දේ ....

    රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
    සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි //
    දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
    ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ //

    මල් සුගන්දේ ....

    මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
    මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ //
    ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
    සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //

    ReplyDelete
Previous Post Next Post