CIDයට තර්ජනය කරමින් CID ඉදිරියේ දැන්වීම් අලවයි...


නාඳුනන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට තර්ජනාත්මක පෝස්ටරයක් අලවා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සුඛෝපභෝගි වැන් රථයකින් පැමිණි පුද්ගලයකු හෝ පිරිසක් පෙරේදා (14) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විදුලි සන්නායක පෙට්ටියේ මෙම පෝස්ටරය අලවා පලා ගොස් ඇති බවට තොරතුරු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

" ප්‍රවේසම් වන්න, ඔබේ ගැලරි එක ස්පයි කරයි " යනුවෙන් එම පෝස්ටරයේ සඳහන් වන බව ද ඔහු කීය.

මෙම වෑන් රථයේ අංකය දැනට හඳුනා ගෙන ඇති බවත් ඒ ඔස්සේ එම පෝස්ටරය ඇලවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවත් උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

- ඉන්දිකා රාමනායක

Previous Post Next Post