මාලිමා අයවැයට SJB මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ UNP මන්ත්‍රීවරයෙකු පක්‍ෂ වෙයි...


 හැටන් දික්ඔය නගර සභාවේ (ජාතික ජන බලවේගයේ) 2026 වසරෙ අයවැය ඇස්තමේන්තුව වැඩි ඡන්ද 12කින් සම්මත වූ බව එම නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පැවසීය.

හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම නගර සභා රැස්වීම් ශාලාවේදි අයවැය විවාදය පැවැත්වීමෙන් අනතුරුව ඡන්දය ප්‍රකාශ කිරිම සිදු කරන ලදී.

මෙහිදි අයවැයට පක්ෂව ආණ්ඩු පක්ෂයේ සභිකයින් 08 දෙනෙකු සහ විපක්ෂයේ සභිකයින් සිව් දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල අතර, සමගි ජන බලවේගයේ සභිකයින් දෙදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

හැටන් දික්ඔය නගර සභාවේ 2026 වසරේ අපේක්ෂිත ආදායම රු.තිස්තුන්කෝටි හැට අට ලක්ෂයයි (රු.336,800,000), වැය රු.විසිපන්කෝටි විසි නවලක්ෂ අසූ අට දහස් හයසිය හතලිහයි (රු.252,988,640).

අයවැය ඇස්තමේන්තු මුදලින්, සංවර්ධන කටයුතු සදහා වෙන් කර ඇති අතර, රු..කෝටි දහයක මුදලක් රු.කෝටි පහක මුදලක් කසල කළමණාකරණයට වෙන් කර ඇත.

- රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post