ග‍්‍රාමීය මාර්ක කිලෝමීටර 3.7ක් හදන්න කෝටි 16.5ක්..


 "පුනරුදයට මග" ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ නාවලපිටිය ඉඹුල්පිටිය වතුයාය හරහා "මැදගහවතුර මාර්ගය" සංවර්ධනය කිරීම (10) දින මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මාර්ග සංවර්ධන අධිකාරිය  ලෝක බැංකු ණය ආධාර යටතේ රු. මිලියන 165 ක  ප්‍රතිපාදන යොදා කිලෝමීටර් 3.7ක දුරක් මාර්ගය සංවර්ධනය කිරීමට අපේක්ෂිත යි.

නැග්මා ඉංජිනේරු පුද්ගලික සමාගම විසින් මෙහි කොන්ත්‍රාත් කටයුතු සිදු කරන අතර, මෙම වසරේ ඔක්තෝම්බර් මස වන විට  වැඩ නිම කිරීමට බලාපොරොත්තුවේ.

මෙම සංවර්ධන ව්‍යාපෘතීන් පසුගිය රජයන් මෙන් තමන්ට ලැබෙන ඡන්ද මත ලබා නොදෙන බවත්, කොට්ඨාශයට අත්‍යවශ්‍ය ව්‍යාපෘති පමණක් සිදු කිරීමට තම රජය සැමවිටම උත්සහ කරන බවත්, ආරම්භක අවස්ථාවට එක්වෙමින් පා.ම.තුශාරී ජයසිංහ මහත්මිය කියා සිටියහ.

රංජිත් රාජපක්ෂ              

3 Comments

  1. ඒ කියන්නෙ කිලෝමීටර් එකකට රුපියල් කෝටි 4.5ක් විතරයි. පුනරුදය නේ, නැත්ද?

    ReplyDelete
  2. සැබෑ පුනරුදය කොයිබඳ.?January 11, 2026 at 10:42 AM

    යකෝ කිලෝමීටරයකට රුපියල් කෝටී 4.5ක්..මරු නෙමෙයී මරා සංවර්ධනය තමයී ආයෙත්🤣🤣..ඇයී දැන් මුලින් කිව්ව රජයේ ආයතන,ප්‍රජා සහභාගීත්වය ඕවට නැද්ද..පුද්ගලික මාර්ග සංවර්ධන ආයතනම ඕනද..රාජ්‍ය අංශය ශක්තිමත් කරපල්ලකෝ..

    ReplyDelete
  3. යකෝ අධි වේගයේ 1km හදන්න යනවාට වඩා ග්‍රාමීය මාර්ගයක 1KM හදන්න යනවද ?

    ReplyDelete
Previous Post Next Post