නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල වල දෝෂ රැසක් ඇති බවත් ඒ අනුව පිටු ලක්ෂ අටක් ගැලවීමට සිදුවනු ඇති බවත් විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි ලේකම් නිමල් මුදුන්කොටුව මහතා කියා සිටියේ මෙම මොඩියුල රචනා කිරීමට තෝරාගෙන ඇති කණ්ඩායම සුදුසුම කණ්ඩායමක් යන්න ප්‍රධාන ගැටලුවක් බවයි.
නව අධ්‍යයන වර්ෂය වෙනුවෙන් අද දින පාසල් විවෘත වුවද, 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් බලධාරීන් නිසි වැඩපිළිවෙළක් සකස් කර නැතැයිද පවසන මුදුන්කොටුව මහතා පෙන්වා දෙන්නේ, රජයේ සැලසුමට අනුව 6 ශ්‍රේණියේ නිල ඉගැන්වීම් ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙම මස 21 වැනිදා බවයි.
එම ප්‍රමාදය හේතුවෙන් අද දින පාසල් පැමිණි දරුවන්ට එදින දක්වා ඉගැන්විය යුතු දේ පිළිබඳව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටින බවය.
මීට අමතරව, පාසල් ආරම්භයේදී අත්‍යවශ්‍ය වන ශිෂ්‍ය නාමලේඛන ඇතුළු ලේඛන මෙතෙක් පාසල් වෙත ලබා දී නොමැති බවත්, ඉතිහාසයේ මෙවැනි පසුබෑමක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවත් ඔහු අවධාරණය කළේය.
part time job thiyenawanawm kiyanna pitu erana
ReplyDeleteමහජන මුදල් කාබාසීනියා කලා. කාගෙන්ද ඔය සල්ලි අය කරගන්නේ. හරිනි ඉල්ලා අස්වෙයන්.
ReplyDeleteජීවිතේට වැඩක් කරලා නැති. සිල්ලර කඩයක්වත් කරලා නැති උපතේ සිට වෛරය විතරක්ම පතුරුවන ජෙප්පන්ට කිසිම වැඩක් හරියට කරන්න බැරිබව දැන් තේරෙනව නේද?
ReplyDeleteහැමතැනම රෙවිල. රටම ගඳගස්වනවා
ReplyDelete