විභාග ප‍්‍රශ්ණ පත‍්‍ර තුනක් පිටවේ..


මධ්‍යම පළාතේ පාසල්වල 10 වන ශ්‍රේණියට අදාළව තෙවන වාර විභාගය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල්වලට ලබා දී තිබූ විද්‍යාව, ගණිතය හා ඉංග්‍රීසි ප්‍රශ්න, විභාග දිනට පෙර පිටවීම සම්බන්ධයෙන් එක්තරා පාසලක විදුහල්පතිවරයෙකු පිළිබඳව විමර්ශනයක් අරම්භ කර ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් පාසල් සිසුන් පත් වූ පීඩාව සැලකිල්ලට ගෙන විභාග නොපවත්වා 06 ශ්‍රේණියේ සිට 09 වන ශ්‍රේණිය දක්වා වූ සිසුන්ට එම ප්‍රශ්න පත්‍ර බෙදා දී සාකච්ඡා කරන ලෙසත් 10 හා 11 ශ්‍රේණි සඳහා පමණක් විභාග පවත්වන ලෙසත් විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු මගින් දැනුම් දී තිබියදී එක් විදුහල්පතිවරයෙකු සියලු ම පන්තිවලට අදාළ ප්‍රශ්න පත්‍ර සිසුන්ට අතට පත් කිරීමෙන් මෙම ගැටලුව නිර්මාණය වී තිබෙන බව ඔහුගෙන් කළ විමසීමකදී පැවසීය.

මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය සමගි ජන බලවේගයේ පාතදුම්බර ආසන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මෙම ප්‍රශ්න පත්‍ර පිට වූ බවට ඊයේ (ජන. 29) මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කළ අතර අදාළ විෂයන් සඳහා වන විභාගය මෙම දිනවල පාසල්වල පැවැත්වෙන බව ත් විභාගයට දින කිහිපයකට පෙර ප්‍රශ්න පත්‍ර පිටවූයේ කෙසේ ද යන්න අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රශ්න කළේය.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම සැලකිල්ලට ගෙන තෙවන වාර විභාගය නොපවත්වා අදාළ ප්‍රශ්න පත්‍ර සිසුන්ට ලබා දී 10 හා 11 ශ්‍රේණි සඳහා විභාග පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබියදී එම ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම ගැටලුසහගත බව ද ඔහු කීවේය.

මෙම ප්‍රශ්න මහනුවර පදික වේදිකාවේදී හමු වූ පුද්ගලයෙකු තමන් අතට පත්කළ බව ත් මෙය අනාවරණය කිරීමෙන් පසු මේවා ලැබුණේ කෙසේ ද යන්න සොයා බැලීම සඳහා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන නොගොස් ප්‍රශ්න පත්‍ර පිටවූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම ආණ්ඩුවේ වගකීම යැයිද හෙතෙම අවධාරණය කළේ ය.

අසේල කුරුළුවංශ

2 Comments

  1. School paper are created by school teachers who lead phohottu union

    ReplyDelete
  2. මාර නිවුස් ඕයි. පොටෝ කොපි පණික්කිය බංකොලොත්ද බං ඕච්රච

    ReplyDelete
Previous Post Next Post