කහව, ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන මුහුදු වෙරළ ආසන්නයේ තිබූ පොල් ගසක හැපි අද (01) අනතුරට පත් ව තිබේ.
අනතුරින් පසුව වාහනයේ මුහුණත බිමටත් පිටුපස කොටස පොල්ගස උඩ දෙසටත් පිහිටන සේ විශ්මිත අයුරින් මෝටර් රථය නතර වී ඇත.
මෙම අනතුරින් තුවාල ලැබූ ගොඩගම, බේරතුඩුවේ පදිංචි නවීන් දුෂාන්ත (30) නැමැති අයෙකු තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
මෝටර් රථයේ රියදුරු ලෙස ඔහු කටයුතු කර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ වෙනත් කිසිවෙක් මෝටර් රථයේ ගමන් කර නැත.
අම්බලන්ගොඩ, වාහන ශබ්ද විකාශන යන්ත්‍ර අළෙවි ආයතනයක හිමිකරුවෙක් වන මොහු නව වසරට ආශිර්වාද පතා පිරිත් දේශණයක් පවත්වා ගැනීම සදහා භික්ෂූන් වහන්සේ නමක් කැදවාගෙන ඒමට යමින් සිටියදී මෙසේ අනතුරුට පත්ව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
ජයකාන්ත ලියනගේ
