මධ්‍යම කදුකරයට අධික සීතල සහ ඝණ මීදුම් තත්වයක්...

 


මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අධික සිතල කාලගුණ තත්වයක් සහ ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.

හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්වය පවති.

එම මාර්ගවල රථවාහාන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර නුවරඑලිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල් තුහිණ පතිත වී තිබූණි.

- රංජිත් රාජපක්ෂ                 

Previous Post Next Post