ඇල්ල කෝච්චියෙ සංචාරකයින් පිරේ..

 


අඹේවෙල සිට ඇල්ල දක්වා (20) දින පස්වරුවේ ගමන් ගත් දුම්රියෙන් ගමන් කිරිමට විදේශීය සංචාරකයන් විශාල පිරිසක් එක් වි සිටි බව අඹේවෙළ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසීය.

පවතින යහපත් කාලගුණයත් සමග කලින් ආසන වෙන් කරවා ගත් විදේශිය සංචාරකයන් එම දුම්රියෙන් ගමන් කිරිමට නුවරඑලියේ සිට පෞද්ගලික වාහන සහ පොදු ප්‍රවාහන සේවා වලින් අඹේවෙළ වෙත පැමිණි බවයි දුම්රිය ස්ථානාධිපතවරයා කියා සිටියේ.

අඹේවෙළ දුම්රිය ස්ථානයේ ආදායම් තත්වයද ඉහළ ගොස් ඇති බව ස්ථානාධිපතිවරයා පැවසීය.

රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post