සුළි කුණාටු තත්ත්වය පැවති සමයේ දෙල්තොට වත්ත, ගල්ලන්තැන්න පහළ කොටසේ පිහිටි ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල සමීපයට පෙරළී ආ කළු ගලක් නිල් පැහැ ගැන්වීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි කතාබහක් නිර්මාණය විය.
කෙසේ වෙතත්, අදාළ පාෂාණය සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ එය කිසිදු මූල්‍යමය හෝ මැණික් වටිනාකමකින් තොර සාමාන්‍ය පාෂාණයක් බවයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාවුල සුඛසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පසුගියදා අදාළ ස්ථානයට පැමිණ වැඩිදුර විමර්ශන සඳහා පාෂාණ කොටස් ලබාගන්නා ලදී.
එම සාම්පල කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයීය රසායනාගාරය වෙත යොමු කර සියුම් පරීක්ෂාවට ලක් කෙරිණි.
අදාළ පරීක්ෂණ වාර්තාව මගින් මෙය වටිනාකමක් රහිත පාෂාණයක් බව තහවුරු කර ඇති අතර, ඒ පිළිබඳව ඊයේ සවස් කාලයේදී ගලහ පොලිසිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එතෙක් අදාළ ස්ථානයට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
ඒ අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ආරක්ෂක මුරපොළවල් ඉවත් කිරීමට ගලහ පොලිසිය මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියි.

පාලකයන්ගේ වාසනාවට කලුගල් මැණික් ගල්වෙනවා. වතාවක් සුනිල් බිග්කුච්චන් ඇමතිතමාටත් ලොකු මැණික් පොකුරක් ලැබුනා,ඒකෙන් රටේම ණය ගෙව්වද කොහෙද. වාසනාව, වාසනාව.
ReplyDeleteඅද සිටින දමිළ ජනතාව පුදුමාකාර ජාතිවාදී ආත්මාර්ථකාමී කෙළෙහි ගුණ නොදත් පරදේශක්කාරි මව්බිමට බුදුදහමට නිගා කරන පිරිසක්.රටින් නෙරපන්න ඕන.
ReplyDeleteMeka rata goda danna puluwan tharamey watina manikak wunanam, Sampurna lakunu hambawenney dewalaye wada sitina deviyanta, saha ratey palakayata. kalu galak wuna nisa balti/Visil gahanna hitapu gawayo set eka dan porawagena nidi.
ReplyDelete