තමාට හැකියාවක් ලැබුණහොත් රුසියානු නායක ව්ලැඩිමීර් පුටින්ව පැහැරගෙන විත් (යුද අපරාධ සම්බන්ධයෙන් වගකීමට යටත් කරන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි පවසා ඇත.
යුක්‍රේනයේ කිව් අගනුවර සංචාරයක නිරත වෙමින් සිටියදී ඔහු මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර තිබේ.
තමාට යම් ලෝක නායකයෙකු අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නම්, ඒ පුටින් බවත්, ඔහුව යුද අපරාධ සම්බන්ධයෙන් නීතිය ඉදිරියට පමුණුවන බවත් හීලි අවධාරණය කළේය.
රුසියාව විසින් සිදුකරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ, බුචා ප්‍රදේශයේදී තමා දුටු දේවල් සහ ඉර්පින් හිදී හමුවූ යුක්‍රේන දරුවන් පැහැරගෙන යාම වැනි සිදුවීම් ඊට ඇතුළත් වන බවයි.
කිව් නුවරදී ඩ්‍රෝන ප්‍රහාරයකින් හානියට පත් මහල් නිවාස සංකීර්ණයක් පෙන්වමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, මෙමගින් ජනාධිපති පුටින් යුක්‍රේනයට එරෙහිව යුද්ධ කරනවා පමණක් නොව, සිවිල් වැසියන් සහ ශීත සෘතුවේදී මිනිසුන්ට අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් ඉලක්ක කරන ආකාරය මනාව පැහැදිලි වන බවයි.
"මෙය නැවැත්විය යුතු පුද්ගලයෙක්. මෙය නැවැත්විය යුතු යුද්ධයක්. අපගේ මෙහෙවර වන්නේ යුක්‍රේනයේ මෙම සටනට සහාය දීම සහ සාමය උදාකර ගැනීමට කටයුතු කිරීමයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පුටින්ව අත්අඩංගුවට ගැනීම අවශ්‍ය නොවනු ඇති බවයි.
යුක්‍රේන යුද්ධය විසඳිය හැකි බව විශ්වාස කරන බැවින් වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයට පුටින් අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම අවශ්‍ය නොවනු ඇතැයි ට්‍රම්ප් පවසා තිබේ.
බ්‍රිතාන්‍යය සහ යුක්‍රේනය අතර වසර 100ක සහයෝගීතාවයක් සඳහා වන මාර්ග සිතියමකට ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අත්සන් තැබූ අතර, යුක්‍රේනයට හමුදා යෙදවීමේ හැකියාව වෙනුවෙන් පවුම් මිලියන 200ක මුදලක් වෙන් කිරීමට ද බ්‍රිතාන්‍යය සූදානම් වෙයි

කවුරු පැහැරගෙන ගියත් කමක් නෑ, අපේ එක්කෙනාට අත නොතියා.
ReplyDelete