නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 750කට අධික පාඩුවක් සිදුව ඇති බවට බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය චෝදනා කරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන පරිදි, ඉදිරි වසර සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය 'ට්‍රයිඩන්ට් චෙම්බර්' (Trident Chamber) නම් ඉන්දියානු සමාගමකට ලබා දී ඇත. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී කැඳවිය යුතු මෙම ටෙන්ඩරය ජූලි මාසය දක්වා ප්‍රමාද කර ඇති අතර, එම කාලය තුළ මෙම සමාගම ඇතුළු සමාගම් දෙකක් අලුතින් ලියාපදිංචි වී තිබේ.
විශේෂයෙන්ම, ලංකාවට ගල්අඟුරු සැපයීම සඳහා තිබිය යුතු මෙට්‍රික් ටොන් මිලියනයක වෙළඳ පළපුරුද්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ මැදිහත්වීම මත මෙට්‍රික් ටොන් ලක්ෂය දක්වා අඩු කර ඇති බව මූලාශ්‍ර සඳහන් කරයි. මෙම වෙනස් කිරීම ප්‍රසම්පාදන කොමිසමේ කිසිදු අනුමැතියකින් තොරව සිදු කර ඇති බවටද පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
දූෂණ චෝදනා සහිත සමාගමක් මෙම ටෙන්ඩරය ලබාගත් 'ට්‍රයිඩන්ට් චෙම්බර්' සමාගම 2014 වසරේ සතොසට සහල් ආනයනය කිරීමේදී ප්‍රසම්පාදන රෙගුලාසි උල්ලංඝනය කළ බවට 2016 විගණකාධිපති වාර්තාවකින් පෙන්වා දී ඇත.
මෙම සමාගමේ හිමිකරු වන සරත් රෙඩ්ඩි සහ දේශීය නියෝජිතයා වන සරත් බණ්ඩාර ජයසුන්දර යන අය දූෂණ චෝදනා එල්ල වූවන් බවට පක්ෂය වැඩිදුරටත් පවසයි.
ගෙන එන ලද ගල්අඟුරු සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවා ප්‍රමිතියෙන් බාල බව තහවුරු වී ඇති අතර, මෙම රුපියල් කෝටි 750ක පාඩුව අවසානයේ විදුලි පාරිභෝගිකයාගේ බිලට එකතු වනු ඇති බවට අනතුරු අඟවා තිබේ
