තඩි පචයක් කිවුවා කියා මාලිමා මන්ත‍්‍රීට එරෙහි අපරාධ පැමිණිල්ලක්..

 


රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තමන්ට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ බව පවසමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට එරෙහිව හිටපු නියෝජ්‍ය කතානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්න ආසන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේ පසුගියදා පැවැති රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී එහි සභාපති ශාන්ත පද්මකුමාර මහතා විසින්, දිට්ඨා සුළිකුණාටුවෙන් හානියට පත් වූවන්ට ලබා දෙන සහනාධාර චෙක්පතක් තමන් ලබාගෙන ඇති බවට අසත්‍ය චෝදනාවක් එල්ල කළ බවයි.

තමන් පදිංචිව සිටින්නේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බවත්, එම ප්‍රදේශයට එවැනි සුළිකුණාටුවකින් කිසිදු හානියක් සිදු නොවූ බවත් ඔහු පෙන්වා දුන්නේය. 

තමන් කිසිදු සහනාධාරයක් ඉල්ලා නොමැති බවත්, එවැනි චෙක්පතක් තමන්ට ලැබී නොමැති බවත් අවධාරණය කළ ඒ මහතා,

මෙය තමන්ගේ දේශපාලන පෞරුෂයට හානි කිරීම සඳහා සිදු කරන ලද පහත් ක්‍රියාවක් බව ද ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කරුණු විමසන ලෙස තමන් පොලිසියෙන් ඉල්ලා සිටි බවත්, තමන්ට සිදු වූ අපහාසයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ හිටපු නියෝජ්‍ය කතානායකවරයා, මැතිවරණ සමයේ "මල් පැල" ලෙස හඳුන්වා දුන් පිරිස දැන් "වල් පැල" බවට පත්ව ඇති බවට චෝදනා කළේය. 

රට පාලනය කිරීමට තබා ගමක ජීවත් වීමටවත් මොවුන් සුදුසු නැති බවත්, වත්මන් පාලනය ජනතාව රැවටූ "බොනිකර තරුවක්" බවත් ඔහු සඳහන් කළේය.

රටේ සංවර්ධනය මුළුමනින්ම ඇනහිට ඇති බවත්, වෛද්‍යවරුන් සහ උපාධිධාරීන් වැනි වෘත්තිකයන් පාරට ඇද දමා ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා, පොහොර සහනාධාරය නොලැබීම හා වී මිල පහත වැටීම හේතුවෙන් ගොවි ජනතාව ද දැඩි අසීරුතාවට පත්ව ඇති බව ප්‍රකාශ කළේය. තවද, ගල් අඟුරු සහ හාල් ටෙන්ඩර් හරහා රජය දූෂිත අයුරින් කටයුතු කරන බවට ද ඔහු චෝදනා කළේය,


5 Comments

  1. ඒ එක්කම පඩයකුත් ගියා කියලා දාපං

    ReplyDelete
    Replies
    1. ජනතාවට ලබා දෙන සහනාධාර චෙක්පතක් තමන් රැගෙන නිරීක්ශනය කල බව…

      Delete
  2. Ubata pada giya kiyala apita moko?

    ReplyDelete
  3. ara pala wagayak thibila ahiwela plois ralahamitath paredi allan gahala ralahamige rassawath nathi karapu mal pale neda me shantha.

    ReplyDelete
  4. ගංජා කාරයනේ

    ReplyDelete
Previous Post Next Post