රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
2026.01.31
මාධ්‍ය නිවේදනය
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් ප්‍රකාශයට පත් කරන ලද අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාව තීව්‍ර කිරීම.
මෙරට රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලු සඳහා
කාලරාමුවක් සහිතව විසඳුම් ලබා දී නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන්
රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක
නොකිරීමේ පසුබිමක වෘත්තීය ක්‍රියාමාර්ගයන් වෙත එළඹිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමයට සිදු විය.
මෙහිදි අප විසින් වෛද්‍යවරුන් වෙනුවෙන්
ඉදිරිපත් කර ඇති මූල්‍ය සහ මූල්‍ය නොවන ඉල්ලීම් වන්නේ,
·
සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් “ශ්‍රී ලංකා
වෛද්‍ය සේවය” නමින් සුවිශේෂී සේවා
කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය
ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.
·
වෛද්‍යවරුන්ගේ DAT
දීමනාව
යාවත්කාලීන කිරීම
·
22/99 චක්‍රලේඛණයට
විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කිරීම
·
අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම
·
පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳිම
·
අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යව යාවත්කාලීන කිරීම (Carder Revision)
·
ඉහත ගැටලු කාල රාමුවක් සහිතව විසඳිම සඳහා 2026.01.05 දින සිට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම
මෙම ගැටලු සඳහා විසඳුම් ලබා දීමට අපොහොසත් වීමත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ඔහුගේ පොරොන්දු කඩකිරීමත් හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 5ක් පසුගිය 2026.01.26 සදුදා දින
සිට සමස්ථ රෝහල් පද්ධතියම ආවරණය වන පරිදි දියත් කරන ලදී.
2026.01.28 දින රැස් වූ රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක
සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙම ගැටලුවට සාධනීය ලෙස විසඳුමකට එළඹ, එය ප්‍රකාශයට පත්
කරමින් මහජනතාවට ඉදිරියේදි සිදු විය හැකි පීඩාවක් වේ නම් එය වළක්වා ගැනීමට ඉදිරි
පැය 48 ක කාලයක් ලබා දීමට තීරණය කරන ලදී.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවශ්‍ය ඕනෑම
ආකාරයකට තව දුරටත් තිව්‍ර කිරීමේ තීරණ
ගැනීම උදෙසා මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාවට පූර්ණ බලතල පවරන ලදී.
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය දිගින් දිගටම අත්තනෝමතික සහ උද්ධච්ච හැසීරිමක් පෙන්නුම් කරමින් වෛද්‍යවරුන්ගේ සහ මහජනතාවගේ හඩට ඇහුම්කන් නොදෙමින් විසඳුමකට එළඹීම සඳහා අපොහොසත් වන පසුබිමක, පවතින ප්‍රවණතාවයන් පිළිබඳ සාකච්ඡා කරමින් ඉදිරි තීන්දු තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් අද දිනයේදී පැවැත්විණ. එහිදී පහත තීරණ වලට එළඹෙන ලදී
1 පසුගිය සඳුදා දින (26.01.2026) සිට ආරම්භ
කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05 ඒ ආකාරයටම අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම.
එනම්,
·
රෝහල තුල නොමැති ඖෂධ සහ
උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම
අත්හිටුවීම.
·
රෝහල තුල නොමැති
රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත්
කිරීම අත්හිටුවීම.
·
දේශපාලන කණ්ඩායම්
විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන්
ඉවත් වීම.
·
අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව
නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන්
අනුයුක්ත කිරීම අත්හිටුවීම.
· රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම.
2. විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා
සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන්
නොමැති රෝහල්වල සේවාවන් සදහා රාජකාරි
ආවරණය කිරීමෙන් ඉවත් වීම. මෙම ක්‍රියාමාර්ගය එළඹෙන 2026.02.02 වන සදුදා දින උදෑසන
8.00 සිට ආරම්භ වීමට නියමිතය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉහත වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක
වෙන අතරතුරදී පවා සෞඛ්‍ය අමාත්‍යතුමාට සහ රජයට මෙම ගැටලූ සාකච්ඡාවෙන් එකඟතාවයන්ට
පැමිණ විසඳා ගැනීම සඳහා ඕනෑ තරම් අවස්ථාවන් සහ කාලය ලබා දී තිබුණි.
එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය දිගින් දිගටම උද්ධච්ච සහ අත්තනෝමතික ලෙස
හැසිරෙමින්, මෙම ගැටළු විසඳීමට හෝ අවම වශයෙන් සාකච්ඡා කිරීමටත් සූදානම් නොමැති බව
දිගින් දිගටම පසක් කරමින් පවතී.
එපමණක් නොව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ සමස්ත ශ්‍රී ලාංකේය වෛද්‍යවරුන්ට
මඩ ප්‍රහාර එල්ල කරමින්, අවලාද නගමින්, වැරදි තොරතුරු සමාජගත කරමින් වෛද්‍යවරුන් කෙරෙහි සමාජ වෛරයක් ගොඩනැගීමේ
අසාර්ථක උත්සාහයකද නිරත වෙයි.
එවන් අපරිණත ක්‍රියාමාර්ග හරහා මෙම ගැටලුව කිසිසේත් විසඳෙන්නේ නොමැති බව
රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරගත යුතුය.
එමෙන්ම සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටලු විසඳීම මගහරිමින් කටයුතු කිරීමේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය නිදහස් සෞඛ්‍ය
සේවාව ඕනෑකමින්ම බිඳ වැටීමට ඉඩ සැලස්වීමදැයි බරපතළ සැකයක්ද අපට මතුව ඇත.
යම් හෙයකින් 23,000 කට අධික වෛද්‍ය ප්‍රජාවගේ සහ සෞඛ්‍ය පද්ධතියේ දැවෙන
ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ රජය ආරම්භක පියවරක් හෝ නොගනිමින් අත්තනෝමතික,
උද්ධච්ච සහ වගකීම් විරහිත ස්වරුපයෙන් කටයුතු කරන්නේ නම් එමඟින් සිදු වන මහජන පීඩාව
සඳහා සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය විසින් භාර ගත යුතු බව යලිත් අවධාරණය
කර සිටිමු.
