කුණාටු විපතට වගකියයුත්තන් සොයන්න කමිටුවක්....

 


'ඩිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ ඒ සඳහා පැවති සූදානමෙහි අඩුපාඩු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සභානායක කාර්යාලය සඳහන් කරන පරිදි, පක්ෂ නායකයන් ගත් තීරණයකට අනුව මෙම යෝජනාව පිළිබඳ විවාදය ලබන ජනවාරි 21 වැනි බදාදා පැවැත්වීමට නියමිතව ඇත.

මෙම යෝජිත කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබා දෙන ලෙසත්, එහි බහුතර සාමාජිකත්වය විපක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත වන බවට සහතික වන ලෙසත් විපක්ෂය විසින් කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් දැනටමත් ඉල්ලීමක් කර තිබේ.

මීට අමතරව, 'ඩිට්වා' සුළි කුණාටුවෙන් පසු උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ද එදිනම (ජනවාරි 21) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Previous Post Next Post