නොරොච්චෝල තොරතුරු පිටතට දීම තහනම් කරයි..

 


නොරොච්චෝලේ බලාගාරයේ අභ්‍යන්තර තොරතුරු පාලනාධිකාරියේ අවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයකු හෝ ආයතනයක් වෙත ලබාදීම සේවක මණ්ඩලය වෙත තහනම් කර තිබේ. 

මෙම නියෝගය ඇතුළත් විශේෂ අභ්‍යන්තර චක්‍රලේඛයක් පසුගිය ජනවාරි මස මැද භාගයේදී නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

නිසි අනුමැතියකින් තොරව දත්ත හුවමාරු කිරීම මෙමඟින් දැඩිව සීමා කර ඇත.

විදුලි සේවකයන් පවසන අන්දමට, මෙම පියවර ගෙන ඇත්තේ බාල ගල්අඟුරු ආනයනය පිළිබඳව මතුව ඇති මතභේදාත්මක තත්ත්වයන් සහ ඒ වටා ගෙතී ඇති විවිධ ප්‍රචාරයන් මැඬපැවැත්වීමේ අරමුණෙනි.

4 Comments

  1. හොර වැඩ, හොර හිත්, මාර මගඩි

    ReplyDelete
  2. පුනරුදය?

    ReplyDelete
  3. ගල් අඟුරු කියලා අලු ගොඩවල් ඩොලර් වලට අරගෙන ඒවා පුච්චලා කරන්ට් එක අඩුවෙන් ඇවිත් අලු ගොඩ බට අස්සෙ හිරවෙලා බලාගාර නතර වුණාම මහින්ද ට බනියි පගා ගහලා පරණ බලාගාරයක් හැදුව නිසා මේක වෙන්නෙ කියලා. ජෙප්පො වැඩ කරන්නෙ වාචාල කටවල් වලින් විතරයි. රට විනාශ කරනවා.

    ReplyDelete
  4. මුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද pallen ගලා ගලා යන සෙයකි.

    ReplyDelete
Previous Post Next Post