ලේකම්ගෙ පුටුවත් නෑ.. තමන්ගෙ පුටුවත් නෑ.. මතුගම සභාපති රිමාන්ඩ්..

 


සභා ලේකම්වරියගේ රාජකාරි කටයුතුවලට බාධා පමුණුවමින් ඇයට පහරදුන් බවට එල්ල වූ චෝදනා මත, එම සභාවේ මතුගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් මුණසිංහ යන අයව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ලේකම්වරිය විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකාර සභාපතිවරයාව මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන ලදී. 

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මොහු ලබන සතිය දක්වා බන්ධනාගාර භාරයට පත් කිරීමට තීරණය කළේය.

අද (02) උදෑසන සේවයට වාර්තා කළ අවස්ථාවේ සභාපතිවරයා තම කාර්යාලය බලහත්කාරයෙන් අල්ලාගෙන රාජකාරි කටයුතුවලට බාධා කළ බවට චෝදනා කරමින් පළාත් පාලන ආයතනයේ ලේකම්වරිය මතුගම පොලිසියට පැමිණිලි කර තිබේ.

4 Comments

  1. Ammo sajaba nama danna lejja hithunada wimal werawansa

    ReplyDelete
  2. මෙන්න නිවුස්. පනික්කිය ගෙ හෙළුව පේනවා යකෝ.
    මාලිමාවේ එකෙක් ගේ අල්ලපු ගෙදර ගෑනි ගෙ වඳ ලොකු දුවගේ හොර මිනිහගේ බල්ලට පඩයක් ගියා නං මේකේ වැළලෙන හැටි බලා ගන්න තිබ්බ

    ReplyDelete
  3. අප්‍රිකානු මුහුණක්

    ReplyDelete
  4. විමලේලේලේ . හරියට news 1ක ගහපන් .

    ReplyDelete
Previous Post Next Post