පොල් මිල අහසේ...

 


වෙළෙඳපොළේ පොල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 

පොල් වගා කිරීමේ මණ්ඩලය පවසන්නේ, නිෂ්පාදන ධාරිතාව ඉහළ මට්ටමක පැවතියද අතරමැදියන්ගේ අනිසි මැදිහත්වීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

ඉකුත් සතියේ පැවැති පොල් වෙන්දේසිවලදී ගෙඩියක මිල රුපියල් 122 - 124 අතර අගයක පැවතුණි.

වෙන්දේසි මිලට සාපේක්ෂව සිල්ලර වෙළෙඳුන් මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 180 සිට 200 දක්වා ඉහළ අගයකට අලෙවි කරනු ලබයි.

පසුගිය වසරේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2,900ක් වූ අතර, උදාවූ 2026 වසරේදී එම ප්‍රමාණය මිලියන 3,000 දක්වා වැඩිකිරීමට කටයුතු යොදා ඇත. 

දේශීය පරිභෝජනයට මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ පොල් ප්‍රමාණය නිපදවීමට මේ වන විටත් විධිමත් පියවර ගෙන ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වැඩිදුරටත් අනාවරණය කළේය.

1 Comments

  1. අනිත් පැත්තෙන් කියනවා පොල් නිෂ්පාදන අපනයනය කරල ඩොලර් බිලියනයක් ගෙනාව කියලා පම්පෝරියක්.දේශීය වෙළෙඳපොළට එන පොල් ප්‍රමාණය අඩුවීම නිසා මිල ඉහළ යනවා.හේතුව කන්ටේනර් පන්නපු එකා මහා පරිමාණයෙන් පොල් නිෂ්පාදන පිටරට පටවන එක.

    ReplyDelete
Previous Post Next Post