රජයේ වෛද්‍ය සේවයට වඩා පෞද්ගලික වෛද්‍ය සේවය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වැඩි කාලයක් සහ අවධානයක් යොමු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහාය නොදක්වන්නේ මන්දැයි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍යවරුන් වැඩි පිරිසක් රජයේ සේවයට වඩා පෞද්ගලික වෛද්‍ය සේවයේ නියැලීමට කැමැත්තක් දක්වන බවත්, ඔවුන් වැඩි කාලයක් ගත කරන්නේ පෞද්ගලික රෝහල්වල බවත් හෙතෙම පැවසීය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වර්ජනයට සහාය නොදැක්වීම පුදුමයට කරුණක් නොවන බවත්, ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ රජයේ සේවයට වඩා පෞද්ගලික අංශයේ කටයුතු පවත්වාගෙන යාමට බවත් ඔහු චෝදනා කළේය.
ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් රජයේ රෝහල්වල සේවය කළ යුතු නියමිත කාලය පවා නිසි ලෙස ඉටු නොකරන බවට වෛද්‍ය විජේසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
පවතින වෘත්තීය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩව කටයුතු කරන බවත්, සාමාන්‍ය වෛද්‍යවරුන් සියලු දෙනා මේ සඳහා පූර්ණ සහාය දක්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රෙවිල
ReplyDelete