PicMe එපා.. ඒ ගානට අපට යන්න බෑ..’ කියා ලොකු විරෝධතාවක්...


නුවරඑලිය නගරයේ පික් මී (Pick me) සේවාවක් අවශ්‍ය නොවන බව පවසමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමස්ථ කුලී රථ හිමියන්ගේ සම්මේලනය සාමාජිකයන් එක්ව (26) දින උද්ගෝෂනයක නිරත විය.

නුවරඑලිය තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණයේ නිරතව සිටි එම සංගම්වල සාමාජිකයන් කියා සිටියේ පිටතින් පැමිණෙන පික් මී ආයතනයට සම්බන්ධ වාහන රියදුරන් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයේ නිරත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් තම ජීවන උපායට ද ගැටළු රැසක් මතු කරමින් සංචාරකයන් ප්‍රවාහනය කිරිමේ කටයුතුවල නිරතව සිටින බවයි.

මෙම උද්ගෝෂනයට හැටන්, තලවකැලේ, කදපොල, රාගල, වලපනේ, නවුරඑලිය කොත්මලේ යන ප්‍රදේශවල කුලී රථ රියදුරන් විශාල පිරිසක් පැමිණ සිටි අතර, උද්ගෝෂකයන් ජනාධිපතිවරයා වෙත භාරදීම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත සංදේශයක්ද භාර දෙනු ලැබූවා.

පික් මී වාහන රියදුරන් ඉතා අඩු මුදලකට සංචාරකයන් ප්‍රවාහනය කලද තමන්ට එම මුදලට සංචාරකයන් ප්‍රවාහනය කිරිමට නොහැකි වීම හමුවේ තමන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බවයි.

කදු බෑවුම් සහිත ප්‍රදේශවල ත්‍රීරෝද රථ සහ වෑන් රථවලින් සංචාරකයන් ප්‍රවාහනය කිරිමෙදි වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය වන බවත්, පිට පළාත් වලින් නුවරඑලියට තවත් කුලී රථ ගමනක් පැමිණ සැගව සිට පික් මී ඇනවුමක් යැයි පවසමින් නුවරඑලිය පැමිණෙන සංචාරකයින් ඔවුන් ප්‍රවාහනය කරන බවයි.

තවද පික් මී වාහන කරුවන් කොළඹ සිට නුවරඑලියට පමණක් නුවරඑලියට රැගෙන ඒමට තමන් විරුද්ධ නොවන බවයි.

එසේ පැමිණි එම පික්මී වාහන ආපසු කොළඹ යෑමට නුවරඑලියෙන් පුද්ගලයන් අඩු මුදලට රැගෙන යන බවයි.

- රංජිත් රාජපක්ෂ

4 Comments

  1. Bari aya wena raksawak hoyaganna

    ReplyDelete
  2. පචපති සහ පාපිසි 159 රට භාර ගත් දා ඉඳල පුදුම ප්‍රස්ණ ගොඩක් රටේ තියෙන්නෙ. දැන් හදිසි ගමනක් පික්මී එකක යන්නත් බයයි. 88, 89 වගෙ.

    ReplyDelete
  3. If you guys can not complete with PickMe, join with them. This is really sickning..

    ReplyDelete
  4. කදු බෑවුම්වල කොහොමද යකෝ වැඩි ඉන්ධන දහනයක් වෙන්නෙ. තොපි කන්ද නැගල බහින්නෙ නැද්ද??

    ReplyDelete
Previous Post Next Post