දින ගණනාවකට පසු බගවන්තලාව ප්‍රදේශයේ ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන් දෙදෙනෙකුට කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර් 250ක් එම සමාගම විසින් නිකුත් කර ඇත.
ගිනිගත්හේන රංජුරුවාව ප්‍රදේශයේ පිහිටි ලිට්රෝ ගැස් සමාගමේ බෙදාහැරීම් මධ්‍යස්ථානය වෙත පෞද්ගලික ලොරි රථයක් යවා ගෑස් තොගය ගෙනවා ගත් බවත්, ඒ අනුව ලොරි රථයට ගෙවු මුදලද පාරිභෝගිකයන්ගෙන් අය කර ගෙන තමන් වෙත ලැබුණු සිමිත ගෑස් තොගය පා රිභෝගිකයන්ට බෙදා හැරි බවයි බගවන්තලාව නගරයේ අලෙවි නියෝජිතයන් කියා සිටියේ.
රු.3867.16කට අලෙවි කල යුතු කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් බගවන්තලාව ප්‍රදේශයේ ලිට්රෝ ගෑස් පාරිභෝගියන්ට රු.4000ක් ගෙවා මිලදි ගැනීමට සිදු විය.
- රංජිත් රාජපක්ෂ

කුමන්ත්‍රන කරල ගෑස් තෙල් පෝලිම් හදල කන්න දුන්න වැජ්සින් දිඔල ජීවිත බේරගත්ත ගෝටබය❤මැතිතුමා එලවල ආපු මරි මෝඩ ආන්ඩුව. කයිය විතරයි 160ම.
ReplyDelete