ඒකීය එපා.. උතුරට ඔ්නෑ පලාත්වලට බලය දෙන එක්සත් රටක්..

 


උතුරේ වැසියන්ගේ අපේක්ෂාව 'ඒකීය' පාලන ක්‍රමයක් නොව 'එක්සත්' රාජ්‍ය සංකල්පයක් බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සහ තමිල් මක්කල් කුට්ටනි පක්ෂයේ නායක සී. වී. විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි. 

ඔහුට අනුව, රටේ උද්ගතව ඇති බොහෝ අර්බුදවලට මූලික හේතුව බලය තනි තැනකට කේන්ද්‍රගත කරන ඒකීය රාජ්‍ය ව්‍යුහයයි.

මීළඟට සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නැවතත් ඒකීය රාජ්‍ය පදනමම ස්ථාපිත කළහොත්, එය ඉදිරියේදී බරපතළ ගැටලු රැසකට මගපාදනු ඇත.

ඒකීය ක්‍රමය තුළ එක් පාර්ශ්වයකට පමණක් බලතල සීමා වුවද, 'එක්සත්' රාජ්‍ය ආකෘතියක් හරහා සියලු කොටස් වෙත සාධාරණ ලෙස බලය බෙදී යන බව ඔහු විශ්වාස කරයි.

උතුරු හා නැගෙනහිර පළාත් සභා වෙත නිසි ලෙස බලය විමධ්‍යගත කළහොත්, එම ප්‍රදේශවල ජනතාවට තම දෛනික අවශ්‍යතා හා කටයුතු තමන්ගේම පාලන ඒකක හරහා වඩාත් කාර්යක්ෂමව ඉටුකර ගැනීමට අවස්ථාව සැලසෙයි.

කාලාන්තරයක් තිස්සේ නොවිසඳී පවතින උතුරේ ප්‍රශ්න සඳහා ස්ථිරසාර විසඳුමක් ලබාගත හැක්කේ, බලය බෙදාහදා ගන්නා මෙම 'එක්සත්' රාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැංවීමෙන් පමණක් බව විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

3 Comments

  1. Ultimate Power (sovereignty) of a country belongs to it's people, not to the sitting government to dilute them ethnically according to the whims of a few racists which will boomarang to the government with catastrophic consequences plunging the country into dark abyss. Do not bend to cunning separatists who only wants to make a bloodbath here again. People are watching anxiously. Economic development should be the governments sole priority not promotion of separatism, homosexualism or lesbianism. Or is this asking too much from this fake government.

    ReplyDelete
  2. Vigneshwaran has no power..
    Last tamil “fucking” generation

    ReplyDelete
  3. මේ නාකි හම්පඩයා තවම වල කජ්ජ ගහල නැද්ද?

    ReplyDelete
Previous Post Next Post