බංකොලොත් වී තිබූ රට වසරක් ඇතුලත ස්ථාවර කිරීමට හැකි වූ බව ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.
බංකොලොත් කියලා සිල් එක ගසා තිබූ රටක් අපි අවුරුද්දක් යන විට ස්ථාවර කරනවා. ආර්ථික වශයෙන් අපි රට සංවර්ධනය කර තිබෙනවා. 2024 ලක්ෂ 20යි සංචාරකයන් පැමිණියේ, 2025 වන විට ඒ සංඛ්‍යාව ලක්ෂ 23 දක්වා වැඩි වුණා. එහෙම වැඩි වන්නේ රට ස්ථාවර නිසා. ඒ බව අපි පිළිගන්න ඕන.
රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,090 සිට බිලියන 5,120ක් දක්වා 2024 වසරේ සිට 2025 වර්ෂය වන විට ඉහළ නංවාගෙන තිබෙනවා. විදේශ සංචිත, සංචාරකයන් පැමිණීම යනාදිය අපි වැඩි කරගෙන තිබෙනවා. පොහොසත් රටක් හදන අඩිතාලම අපි දැන් දොල තිබෙනවා.
විපක්ෂයට හිතාගත නොහැකි ලෙස අපි එය කරනවා. මෙරට ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් හැකි නම් අපට අභියෝග කරන්න කියලා විපක්ෂයට අපි කියනවා.
සමාජ සංවර්ධනයත් අපි සිදු කරනවා. පොහොසත් රටක ලස්සන ජීවිතයක් ලබාදීම මඟින් සමාජ සංවර්ධනය අපි අපේක්ෂා කරනවා. පසුගිය දවස්වල ඉන්දියානු - පාකිස්තාන ක්‍රිකට් තරගය ගතහොත් ඉන් පෙන්නුවේ අපේ රට ගැන තිබෙන විශ්වාසය. ජනාධිපතිවරයා මැදිහත් වීමෙන් තමයි මේ දේවල් කළේ. ඒ අතින් බලන විට අපි විශාල දෙයක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අත්පත් කරගෙන තිබෙනවා,
අපේ රටේ ආරක්ෂාව ගැන ඔවුන්ට විශ්වාසයක් ඇති වී තිබෙනවා. මේ තරගය ඇතුළේ කිසිදු ගැටලුකාරී තත්ත්වයක් වාර්තා වුණේ නැහැ. අවශ්‍ය ආරක්ෂාව ලබාදෙමින් සාමකාමී ලෙස තරගය අවසන් කළා. නිදහස් සාමකාමී රටක් බවට ලෝකයට එමඟින් ලබා දුන්නා.
දියුණු දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා වන අපේ සැලසුම අපි අතහරින්නේ නැහැ. රට ගොඩ නැඟීම සඳහා එය සිදු කළ යුතුයි. දේශපාලන සංවර්ධනය රටේ සංවර්ධනයේදී අතිශයින්ම වැදගත්.

Lapaya vitharak nevei Papisi hidan pacha vidinawa...mun koheda appa hitiye.. mama hitanne munge Jebbiyanta thamai oya kiyanne.
ReplyDeleteකෝටිපතියන්ට කෙහෙල් කැන් දීපු මරිමෝල් මෝඩයෝ තවම එහෙමම තමයි කියලා මුන් හොඳට දන්නවා. බය නැතුව බොරු කියනවා මෝඩයෝ ටික හිස් මුදුනින්ම පිලිගන්නවා.
ReplyDeleteඅනේ පව්, හිටගෙන ද?
ReplyDeleteනාකි බූරුවා, මූ මොනවද ක්‍රීඩාව ගැන දන්නෙ. හිටගෙන හිටගෙන ඉන්නත්ප න නෑ
ReplyDeleteබංකොලොත් වී හිටපු මාලිමා අපි වසරක් ඇතුලත පොහොසත් වීමට හැකි වූ බව ඇමති පවසයි.
ReplyDeleteඩොලර් සංචිතය වැඩි වුණ ගණන ත් කියාගෙන ම පලයන්......
ReplyDelete