හැටන් සිට කොළඹ දෙසට ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් අද (21) අලුයම 2.30 ට පමණ වටවල ප්‍රදේශයේදී අඩි පහළොවක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතළ අනතුරක් සිදුව තිබෙන බව වටව්ල පොලිසිය පවසයි,
ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩ ලබා දීමට උත්සාහ කිරීමේදී ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සිදුකල මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අනතුරින් ලොරි රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, එහි රියදුරු රථය තුළ සිරවී සිටියදී ඔහුව බේරා ගැනීම සඳහා වටවල පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පැය එකහමාරක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ රියදුරු සහ සහායකයා පමණක් සිට ඇති බව වාර්තා වේ.
බේරාගත් රියදුරු 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
- ආර්.එෆ්.එම්.සුහෙල්
