හැටන් නගර මධ්‍යයේ පිහිටි ත්‍රීරෝද රථ ගාලක නතර කර තිබූ යතුරුපැදියක එම රථගාලේ ත්‍රීරෝද රථයක් පසුපසට ගැනීමේදි ත්‍රීරෝද රථය ගැටී යතුරුපැදිය බිම පෙරලී අනතුරක් සිදු වී ඇත.
යතුරුපැදිය බිමට පෙරලීමෙන් යතුරුපැදියට රු.45000ක පමණ අලාභයක් සිදු වි ඇති බවත්, එම අලාභය ලබා දෙන ලෙස යතුරුපැදිකරු ත්‍රීරෝද රථ රියදුරාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ත්‍රීරෝද රථ ගාලේ යතුරුපැදි ගාල් කිරිමට නොහැකි නිසා එම අලාභය ගෙවීමට නොහැකි බව ත්‍රීරෝද රථ රියදුරා ප්‍රකාශ කිරිමත් සමග දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
දෙපාර්ශය අතර ඇති වු උණුසුම් තත්වයට සහයෝගය දැක්වීමට තවත් පිරිස් එක් රැස් වීමත් සමග එම තත්වය පාලනය කිරිමට හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් මැදහත් විය.
පසුව ත්‍රීරෝද රථ රියදුරා සහ යතුරුපැදියේ අයිතිකුර හැටන් පොලිසියට රැගෙන ගොස් දෙපාර්ශවයේම රථ වාහන නිති උල්ලංගණය කිරිම් සිදු වී ඇති බවට කරුණූ පහදා දීමෙන් අනතකුරුව යතුරුපැදිකරු යතුරුපැදියට සිදු වු අලාභය තමන් දරා ගන්නා බව පවසා සිද්ධිය සමතයකට පත් කර ගෙන ඇත.
- රංජිත් රාජපක්ෂ
