ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ජනප්‍රිය ක්‍රීඩකයකුගේ සහෝදරයකුට පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් එල්ල වී ඇති මරණ තර්ජනයක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම තර්ජනය එල්ල වී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසිනි.
පවතින දැඩි ජීවිත තර්ජනය හේතුවෙන් අදාළ සහෝදරයාට නිවසින් පිටතට නොයන ලෙස පොලීසිය දැනුවත් කර ඇති අතර, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් නිවස අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
මෙම ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා ද මීට වසර කිහිපයකට පෙර පාතාල කල්ලි විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් විය.
එදින එල්ල වූ ප්‍රහාරයේදී මෙම සහෝදරයා ද වෙඩික්කරුවන්ගේ ඉලක්කයක් වී තිබූ නමුත්, ඔහු එම ස්ථානයෙන් පලා ගොස් දිවි ගලවා ගැනීමට සමත් වූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දැනට එල්ල වී ඇති මෙම නවතම තර්ජනය සම්බන්ධයෙන් වගකිව යුතු සැකකරුවන් තිදෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත්, ඔවුන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවත් පොලීසිය විශ්වාසය පළ කරයි.
