ශ‍්‍රී ලංකාවේදී රුසියානුවන්ට සම්බාධක පනවලා..- කොළඹ රුසියා තානාපති

 


බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වෙසෙන සහ මෙහි පැමිණෙන රුසියානු පුරවැසියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්, මෙය රුසියානු ජනතාවට එරෙහිව පනවා ඇති ‘සමූහ දඬුවමක්’ බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ජගර්යන් මහතා ප්‍රකාශ කළේය,.

කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී තානාපතිවරයා අවධාරණය කළේ, රුසියානු ආයෝජන ශ්‍රී ලංකාවට ගලා ඒමට දැඩි උනන්දුවක් පැවතියද, බටහිර සම්බාධක හේතුවෙන් එම ආයෝජන අවස්ථාවන් ඇනහිට ඇති බවයි.

විශේෂයෙන්ම රුසියානු පුරවැසියන්ට මෙරටදී තම බැංකු කාඩ්පත් (Visa/Mastercard) භාවිතා කිරීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන්ට මුදල් සන්තකයේ තබා ගැනීමට හෝ තෙවන පාර්ශවීය ගෙවීම් ක්‍රම මත යැපීමට සිදුව ඇත. 

තම පුද්ගලික විසා කාඩ්පත පවා අවහිර වී ඇති බව පෙන්වා දුන් තානාපතිවරයා, රුසියානු සංචාරකයින් මෙම බාධක ජය ගැනීම සඳහා චීන කාඩ්පත් හෝ වෙනත් ස්වාධීන රාජ්‍යයන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලීය (CIS) රටවල කාඩ්පත් භාවිතා කරන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ රුසියානු භාෂා අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට පියවර ගනිමින් සිටින බවත්, යාපනය සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල රුසියානු භාෂා පාඨමාලා ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් ජගර්යන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

5 Comments

  1. ඕවා ඉතින් අපිට කියල වැඩක් නෑනේ තානාපතිතුමා. යුක්‍රේනේ අර මෝඩ නායකයා නලවන්නෙ නැතුව දෙකක් දීලා අර ඇමරිකාව වෙනිසියුලාවට ගැහුව වගේ කරා නම් දැන් යුද්ධෙත් ඉවරයි, එහෙනං හිමීට සම්බාධකත් අයින් කර ගන්න තිබුනා.

    ReplyDelete
  2. උඹත් යාපනේටයි ත්‍රිකුණාමලේටයි කරපන්. හම්බෙයි උඹලට.
    උගන්නලා උඹලගේ රටට ගනින්. ඊට පස්සේ රුසියාවෙන් කෑල්ලක් උන්ට දියන්. ලොකුවට තියෙනවනේ.

    ReplyDelete
    Replies
    1. koheda modayo Russia citizenship deela thiyenne? russian karayo katawath citizenship denne ne kawruwath ganneth ne

      Delete
    2. කථාව ඇත්ත. ඇයි යාපනේයි ත්‍රිකුණාමලේයි විතරද මිනිස්සු ඉන්නෙ. ඔය උගන්නන දෙයක් දකුනේ මිනිස්සුන්ටත් ඉගැන්නුවොත්උඹලට කහනවද?

      Delete
    3. Russia citizenship denava halo. Avrudu 5 idala saha kachal daana porak neveinan thava lesiy. Russian kenekva marry kalath denava!

      Delete
Previous Post Next Post