හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජන අරගල සන්ධානය පවසයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ විධායක සභික නීතිඥ නුවන් බෝපගේ මහතා අවධාරණය කළේ මෙම සිද්ධියේ සැබෑ "ඝාතකයින්" තවමත් නිදහසේ පසුවන බවයි.
එවකට පැවති රාජපක්ෂ - රනිල් හවුල් පාලනයේ දේශපාලන වාතාවරණය මෙම ප්‍රචණ්ඩත්වයට මූලික හේතුව වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ නුවන් බෝපගේ මහතා මෙසේද පැවසීය.
"මැයි 09 වැනිදා ගාලු මුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ගැටලුසහගතයි. සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ වැනි දේශපාලනඥයන් මෙම සිදුවීම් සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටියත්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි අප ප්‍රශ්න කරනවා."
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳව නැවත සමාලෝචනයක් අවශ්‍ය බවත්, ප්‍රචණ්ඩත්වය මෙහෙයවූ දේශපාලන බලවේග නීතියේ රැහැනට හසුකර ගත යුතු බවත් ජන අරගල සන්ධානය මෙහිදී අවධාරණය කළේය.
ehenam lal kantha handunneththi ath adanguwata ganin . un paarlimenthuwata gahanna minissu polombawanu lAbuwa.
ReplyDelete