සංචාරකයන්ට ස්වේච්ඡාවෙන් සංගීත රසාස්වාදය ලබා දෙන පාසල් සිසුවියන්...

 

නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් පිනවීම සදහා නොමිලේ සංගීත රසාස්වාදය ලබා දෙන පාසල් සිසුවියන් 05 දෙනෙකු දක්න‌ට ලැබින.

නුවරඑලිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සංගීතය හදාරන එම සිසුවියන් තමා හදාරන සංගීත විශය ප්‍රගුණ කරගැනිම සදහා නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාල අසළට පැමිණ සංගීත රසාස්වාදය සංචාරකයන්ට ලබා දෙනු ලබයි.

ගිටාර දෙකක්, බටනලාවක්, සැක්සෆෝනයක්, වයලීනයක් සහ තවත් සංගීත භාණ්ඩ කිහිපයක් උපයෝගි කරගෙන නුවරඑලියට පැමිණෙන සංචාරකයන්ව ගායනයෙන් සහ වාදනයෙන් සතුටු කරයි.

ඇතැම් දේශිය සංචාරකයන් ඔවුන් සමග එක් වී ගීත ගායනා කරන අයුරුද අප කැමරාවේ සටහන් විය.

එම සිසුන් පිරිස සිය සංගීතය ඉදිරිපත් කිරිම දෙස් විදෙස් සංචාරකයන්ගේ කැමරා කාචවලට හසු කර ගැනිමටද එම සංචාරකයන් සිදු කලහ.

1 Comments

  1. post office එක සංචාරක නිකේතනයක් කිරීමේ කුමන්ත්‍රණය පාසල් ළමුන් යොදාගෙන ක්‍රියාත්මකයි

    ReplyDelete
Previous Post Next Post