කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ ප්‍රධාන දර්ශකයන්හි පහළ යෑමක් වාර්තා විය.
අද දින ගනුදෙනු නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 96.43 කින් පහළ බැස ඒකක 23,773.64 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.40 ක පසුබෑමකි.
මීට අමතරව මෙරට ප්‍රමුඛතම සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 21.72 කින්, එනම් සියයට 0.32 කින් පහළ ගොස් ඒකක 6,721.47 ක් ලෙස සටහන් විය.
දර්ශකයන්හි මෙම පසුබෑම මධ්‍යයේ වුවද, වෙළෙඳපොළ තුළ රුපියල් 3,890,609,725.35 ක ඉහළ දෛනික පිරිවැටුමක් වාර්තා විය.
දිනය පුරා කොටස් මිලියන 139 කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති අතර සමස්ත ගනුදෙනු සංඛ්‍යාව 34,255 ක් ලෙස සටහන් විය.
