ඇමති මහින්ද ලෝක සමුළුවක් මොරොක්කෝවේදී අමතයි...

 


ළමා ශ්‍රමිකත්වය යනු හුදකලා මට්ටමින් විසඳිය හැකි ගැටලුවක් නොවන බවත්, එය විවිධ මූලික හේතු ගණනාවක් සමඟ බද්ධ වී ඇති සංකීර්ණ තත්ත්වයක් බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය. 

එසේ වුවද, ශ්‍රී ලංකාව තුළ ළමා ශ්‍රමිකත්වයට අදාළ සිදුවීම් වාර්ෂිකව 10කටත් අඩු සංඛ්‍යාවක් දක්වා අවම කර ගැනීමට හැකි වී ඇති බව හෙතෙම අනාවරණය කළේය.

මොරොක්කෝවේ මරකේෂ් නුවර පැවැත්වෙන ‘ළමා ශ්‍රමිකත්වය තුරන් කිරීම පිළිබඳ 6 වැනි ගෝලීය සමුළුවට’ සමගාමීව පැවැති  සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය කාලසීමාවන් තුළ මෙරට පැවැති විවිධ අර්බුද හමුවේ වුවද ශ්‍රී ලංකා රජය දරුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබාදුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 

විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිදහස් පෙළපොත්, උපකරණ මෙන්ම මූල්‍ය ආධාර ලබාදීමට කටයුතු කළ බව ද හෙතෙම පැවසීය.

රජය විසින් දැනටමත් ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ළමා ශ්‍රමිකත්වය තුරන් කිරීම සඳහා ප්‍රබල පිටුවහලක් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, එහි ප්‍රධාන ප්‍රමුඛතා කිහිපයක් ද ඉදිරිපත් කළේය.

මෙම වසරේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ක්‍රමය යටතේ ශාස්ත්‍රීය අධ්‍යාපනය සහ වෘත්තීය නිපුණතා සංවර්ධනය ඒකාබද්ධ කෙරෙන 'ද්විත්ව මාවත්' අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව ද ඔහු සඳහන් කළේය. 

මෙම ගෝලීය සමුළුවේ සමාරම්භක අවස්ථාවට මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගිල්බට් එෆ්. හුන්ග්බෝ සහ මොරොක්කෝ රැකියා සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය යුනෙස් සෙක්කුරි යන මහත්වරුන් සහභාගී වූහ. 

6 Comments

  1. හපොයි. හාලා ඇති එහෙනං. විලි ලැජ්ජාවෙ බෑ.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ විතරයි තියෙන්නෙ. වීඩියෝ නැහැ. ඒක නිසා අවුලක් නැහැ වගේ.

      Delete
    2. Irisiyaawa ube 😂😂😂

      Delete
  2. වාඩි වෙනකොට , සුට් එකේ බොත්තම ගැලෙව්වනම් තමා හොඳ , ඒත් අපි JVP නෙ.... අපේ විදිය තමයි හරි ...

    ReplyDelete
  3. Kosol king's dreams have come true!

    ReplyDelete
  4. ප්‍රශ්න වලට උත්තරත් පැලවත්තෙන් ලියල දීලද?

    ReplyDelete
Previous Post Next Post