වැලිගම ප්‍රාදේශීය සභාවේ නව පාලන බලය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව ඇත. ඒ අනුව, එම සභාවේ මීළඟ සභාපතිවරයා වශයෙන් චින්තක හේවාපතිරණ මහතා තේරී පත් විය.
අද දින පවත්වන ලද රහස් ඡන්ද විමසීමේදී චින්තක හේවාපතිරණ මහතාට සහය පළ කරමින් ඡන්ද 22ක් ලැබුණු අතර, ප්‍රතිවාදී පාර්ශ්වයට හිමිවූයේ ඡන්ද 21කි.
ඒ අනුව, එක් අතිරේක ඡන්දයක තීරණාත්මක බහුතරයකින් ඔහු මෙම ධුරයට තේරී පත්විය.
මීට පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හෙබවූයේ ලසන්ත වික්‍රමසේකර මහතා ඉකුත් ඔක්තෝබර් 22 වන දින සභා කාර්යාලය තුළදීම සිදුවූ වෙඩි තැබීමකින් ඔහු ඝාතනයට ලක්වීමත් සමඟ මෙම තනතුරේ පුරප්පාඩුවක් නිර්මාණය වී තිබුණි.

ප්‍රතිවාදියා ඝාතනය කොට බලය ඇල්ලීමද?
ReplyDelete