නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමත් ඉන් පසුව කිසිදු විමර්ශනයකින් තොරව ඔහුට පාතාල ලේබලය ඇලවීමත් පිළිබඳ වගකීම අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් දැරිය යුතුය. ඔහු සිය අමාත්‍ය ධූරයේ වගකීම දැරීමට අසමත්වීම සමබන්ධයෙන් වගකීම බාරගත යුතු අතර, ඔහුට වහා ඉල්ලා අස්වන ලෙස බල කරනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් Free Lawyers සංවිධානය පවසයි.
Free Lawyers සංවිධානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
කොළඹ අකුරේගොඩ අධි ආරක්ෂක කලාපයේ ආරක්ෂ හමුදා මුලස්ථානය අසල දී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනයට ලක්වීමත්, කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව ඝාතන වගකීම පාතාල කණ්ඩායමක් වෙත පැවරීමත් සම්බන්ධයෙන් වගකීම බාරගෙන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ඉල්ලා අස්විය යුතුය.
ලංකාව නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන රාජ්‍යයකි. නීතිඥවරයෙකු යනු යුක්තිය පසඳලීම සඳහා අධිකරණයට සහාය වන නිලධාරියෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් නීතිඥ වෘත්තියට නිල පිළිගැනීමක් ලබා දී ඇත. නීතිඥවරයෙකුට මරණ බියෙන් තොරව නිදහසේ සිය වෘත්තීය කර ගෙන යාමට අවශ්‍ය පසුබිම සැලසීම රාජ්‍යයේ වගකීමකි.
ශ්‍රී ලංකා ශ්‍රෙෂ්ඨාධිකරණයේ නීතිඥවරුන්ට ‘පාතලයේ නීතිඥවරුන්’ ලෙස හංවඩු ගැසීමට කිසිදු අයිතියක් ආන්ඩුවට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට හෝ වෙනත් පාර්ශවයකට නැත. සිය වෘත්තියේ නියැලීම හේතුවෙන් ඝාතනයට ලක්වීමෙන් පසුව ඔහුගේ ආත්ම ගෞරවය විනාශ කිරීමට රජයේ මැදිහත්වීම පිළිබඳ පූර්ණ වගකීම අමාත්‍ය අ ආනන්ද විජේපාල ආමත්‍යවරයා විසින් දැරිය යුතුව ඇත.
පොලීසිය විසින් ඝාතනයෙන් කෙටි වේළාවක් තුල සුදානම් කර තිබූ ප්‍රකාශයක් සිදු කළේ ද? එහි පදනම හා අවශ්‍යතාවය කුමක්ද යන්නත්, පොලීසිය විසින් වැරදි තොරතුරු සමාජ ගත කර තිබේද යන්නත් විමර්ශනයට ලක් විය යුතුය.
නීතිඥ ප්‍රජාවට සිය පවුලේ සමාජිකයින්ගේ ආරක්ෂාව ගැන ද සැලකියමත් වීමට නව තත්වය යටතේ සිදුවී ඇත. මෙය යුධ ගැටුම් පැවති සමයේ දී හෝ නොතිබූ බියකරු තත්වයකි.
නීති වෘත්තිය පදනම් වන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය, සාධාරණ නඩු විභාගයකට පුරවැසියකු සතු අයිතිය, සාධාරණ නඩු විභාගයකින් තොරව යමෙකුට දඬුවම් නොකිරීමට රාජ්‍යයට ඇති වගකීම මතය. රජයත් අමාත්‍යවරයාත් මේ සියලු පදනම් විනාශ කරමින් ඇත. රජය සාධාරණ නඩු විභාගයක් සඳහා වන අයිතිය නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුද ගණනාවක් ගොඩනැගෙමින් ඇත. නීතිඥවරුන්ට හා විනිසුරුවරුන්ට එහි පීඩාව හොඳින් දැනේ.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
ජ්‍යෙෂ්ඨ නීතිඥ සමන් ගලප්පත්ති

හොද වැඩේ කළු කෝට් කාරයන්ට. උඩ දාගෙන ගිහින් කොමියුනිස්ට් කාරයොන්ට ජන්දේ දුන්නා. ජෙප්පෝ කියන්නේ පවතින රජයකට විරුද්ධව කැරලි ගහපු සංවිධානයක්, මිනිස්සු දහස් ගාණක් දකුණේ මරපු සංවිධානයක්, රට දශක ගාණකට ඇදලා දාපු සංවිධානයක්, රටේ ආර්ථිකය විනාශ කරපු, කර්මාන්තශාලා, ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනි තියපු 76 සාපේ ප්‍රධාන පුරුක. එහෙම සංවිධානයකට රටේ බලය දෙනවා කියන්නේ පට්ට පල් පොල් බූරු වැඩක්. දැන් කෑවා නම් විදවපන්.
ReplyDeleteකමල් නිදා ගත්තා ඇති නේද. කුලියක් වත් හොයාගන්න වෙයි මේ යන හැටියට.
Deleteකටු ලැබෙන්නේ නැහැ නේ ඉස්සර වගේ යහමින්?
Paathalaya belongs to a group of VIIPs built by political VIIPs over a period of 78 years. This group appears t be economically and powerfully stronger than political VIIPs who have given birth to their existence.
ReplyDelete