ආණ්ඩුව අද වැටේවි, හෙට වැටේවි යැයි විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළද, වත්මන් රජය එලෙස පහසුවෙන් බිඳ නොවැටෙනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
උත්සව සභාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
"විපක්ෂය විවිධ කතා කීම දේශපාලන ස්වභාවයයි. නමුත් 159ක මන්ත්‍රී බලයක් තිබෙන ආණ්ඩුවක් ගහක ගෙඩි වට්ටන ආකාරයට ලෙහෙසියෙන් කඩා වැටෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන් 159කගේ සහයෝගය තිබෙන රජයක් බිඳ දැමීම සරල දෙයක් නොවෙයි."
පවතින දේශපාලන තත්ත්වය හමුවේ ආණ්ඩුවේ ස්ථාවරභාවය පිළිබඳව හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

MUTH KOCHCHARA THATAMUWADA RANILTA ARIINA, this is pinas experience
ReplyDelete