තම අධිකරණය විසින් මින් පෙර ලබාදී ඇති නියෝග ප්‍රකාරව ජෝන් කීල්ස් සමාගම විසින් ඉදිරියේදී ආනයනය කරනු ලබන බීවයිඩී වර්ගයේ වාහන බැංකු ඇපකර හා ආයතන බැඳුම්කර යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා රේගු අධිකාරිවරයාට නියෝග කළේය.
වාහනවල ඇන්ජින් ධාරිතාව යටතේ නිශ්චය කරනු ලබන තීරු බදු ගෙවීමෙන් පසුව පෙත්සම්කාර සමාගම විසින් මින් පෙර අවස්ථා කීපයකදී ආනයනය කර තිබූ බීවයිඩී වර්ගයේ වාහන නිදහස් කිරීමට තම අධිකරණය විසින් නියෝග කොට ඇති බැවින් වාහන ආනයනය කරපු සෑම අවස්ථාවකදීම අධිකරණය හමුවට පැමිණීමට සිදුවීම මගින් එම සමාගමට සිදුවන අපහසුතාව මෙන්ම තම අධිකරණයේ කාලය මිඩංගු වීම සලකා එම නියෝගය නිකුත් කරන බව පෙන්වා දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.
එහිදී ශ්‍රී ලංකා රේගුව ද අධිකරණයට පෙන්වා දුන්නේ අදාළ නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වයක් නොමැති බවයි.
කෙසේ වෙතත් පෙත්සම්කාර සමාගම ඉදිරියේදී ආනයනය කරන වාහන පිළිබඳව ව්‍යවස්ථාපිත සහ නියාමන කාර්යයන් ඉටුකිරීම සඳහා තමන් වෙත දැනුවත් කිරීම වඩා සුදුසු බව ශ්‍රී ලංකා රේගුව අධිකරණයට පෙන්වා දුන්නේය.
නිෂ්කාශන ක්‍රියාවලියේ ප්‍රමාදයන් නිසා වාහනයක් මිලදීගැනීමේ අපේක්‍ෂාවෙන් සීමිත ගැනුම්කරුවන්ට අහිතකර බලපෑමක් සිදුවන බව තම අධිකරණයේ නිගමනය බව විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ පර්සානා ජමීල්, රියාඩ් අමීන්, වරණ විජේනායක, ෂහානි මැකි යන නීතීඥ මණ්ඩලය සමග පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුනි මහත්මිය ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටියහ.
ඒ.ජේ.ඒ. අබේනායක
Divaina

කස්ටම් නාකි සීවලී වේස තට්ටයා කප්පන් ඉල්ලන්නේ
ReplyDelete