ශ්රී දළදා මාළිගාව, ථූපාරාමය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු මෙරට ප්‍රමුඛ බෞද්ධ සිද්ධස්ථාන රැසකට නොවැම්බර් 19 වැනිදා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරුන් දෙදෙනා වහාම දැනුවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම තොරතුර අනාවරණය කරගෙන දින දහයක් ගතව ඇතත්, ඒ පිළිබඳව ඉහළ නිලධාරීන් නිසි පරිදි දැනුවත් කර තිබේද යන්න අධිකරණය හමුවේ තහවුරු නොවීම හේතුවෙන්, අදාළ කරුණු වහාම රාජ්‍ය බුද්ධි අංශ වෙත ලිඛිතව දැනුම් දී ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
රටේ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වන බවට පළවන තොරතුරු කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, මෙවැනි තොරතුරු සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමේ බරපතළ ප්‍රතිවිපාක අත්විඳ ඇති රටක් ලෙස මෙවන් කරුණක් අධිකරණයට නොසලකා හැරිය නොහැකි බවද පෙන්වා දුන්නේය.
දඹුල්ල රජමහා විහාරය ඇතුළු පූජනීය ස්ථාන කිහිපයකට පහර දෙන බවට වෛරී සහගත ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සහ බුදුරජාණන් වහන්සේගේ ඡායාරූප විකෘති කර වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියකට අදාළව ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු පසුගිය 01 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
එම ප්‍රධාන සැකකරුට සහාය පළ කරමින් සමාජ මාධ්‍ය සටහන් පළ කිරීම සහ විකෘති කරන ලද ඡායාරූප හුවමාරු කිරීම සම්බන්ධයෙන් දෙවැනි සැකකරු ලෙස අත්අඩංගුවට ගත් බාලවයස්කාර පිරිමි ළමයෙකු ඊයේ (12) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය ධාතුසේනගම ආනන්ද හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළේය. දළදා මාළිගාව, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජනීය ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කර බුදුදහම සමස්ත ලෝකයෙන්ම අතුගා දැමිය යුතු බව හැඟවෙන ආකාරයේ ප්‍රකාශ හා ඡායාරූප සැකකරුවන් විසින් අදාළ වට්ස්ඇප් සමූහය වෙත මුදාහැර තිබූ බවත්, ඒවා සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පැවසීය.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු බාලවයස්කරුවෙකු බැවින් පරිවාස භාරයට පත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඔහු ලබන 16 වැනිදා දක්වා පරිවාස භාරයේ තැබීමට නියෝග කරමින් එදිනට ඒ පිළිබඳ වාර්තාවක් කැඳවීමට නියෝග කළේය.
Intelligence Chief Orders Immediate Alert Following Threats to Major Buddhist Sites
Concerns have escalated regarding potential attacks on prominent Buddhist sites in Sri Lanka, including the Temple of the Tooth, Thooparamaya, and the Jaya Sri Maha Bodhi, set for November 19. In light of alarming information circulating on social media, Chief Magistrate Asanga S. Bodaragama has instructed authorities at the Criminal Investigation Department (CID) to inform two senior intelligence officials without delay.
Even though officials from the CID’s Cyber Crime Unit uncovered this information ten days ago, the lack of confirmation regarding whether senior officers were properly briefed has prompted the magistrate to mandate a written report be submitted to the court immediately, outlining the details to the relevant state intelligence agency.
The magistrate emphasized the gravity of the situation, stating that information suggesting attacks targeting the country's main Buddhist sites cannot be taken lightly. He noted that failing to take appropriate action in response to such serious threats could have severe consequences for a nation wary of its past experiences.
Additionally, a 21-year-old male from the Ibbaagamuwa area has been arrested and is currently in custody for promoting threats against several sacred sites, including the Dambulla Raja Maha Vihara, via social media. He allegedly shared distorted images of Buddha and made inflammatory statements.
Supporting this primary suspect’s activities on social media has led to the arrest of a minor, who was presented in court yesterday. The magistrate issued an order regarding this individual at that time.
According to the CID, the investigation commenced following a complaint lodged by Chief Incumbent Ven. Dhammananda Nayaka Thera of the Dambulla Raja Maha Vihara. They reported that statements and images distributed by the suspects reveal intentions to undermine Buddhism completely across the globe. These pieces of evidence will subsequently be presented to the court.
Considering the arrested minor's age, the police requested that he be placed under remand. The chief magistrate has ordered that he remain in custody until the 16th of this month, with a report to be called on that day.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
