මෙරටට ආනයනය කරන ලද බාල ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 7,500 කට අධික සෘජු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව අනාවරණය වේ.
මේ පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛනයක් විදුලි බල මණ්ලයේ කළමනාකරු විසින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.
යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මෙම දත්ත ඉදිරිපත් කර ඇත.
ලබා දී ඇති දත්ත අනුව, ගල්අඟුරු නැව් වාර 8 ක් ආශ්‍රිතව මෙම අලාභය ගණනය කර ඇත.
මෙම අලාභය ගණනය කිරීමේදී පවතින නරකම තත්ත්වය සලකා බලා ඇති අතර, ගල්අඟුරු වල පවතින බාල ගුණාත්මකභාවය හේතුවෙන් සිදුවන බලශක්ති හිඟය පියවා ගැනීමට කැලණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ පිරිවැය ඒකකයකට රුපියල් 57.53 ක් ලෙස සලකා ඇත.
තවද, මෙම ගල්අඟුරු තොග දහනය කිරීමේදී ඒ ඒ ඒකකවල සැබෑ දහන වේගය (Specific Coal Consumption) සලකා බලා මෙම ගණනය කිරීම් සිදු කර තිබේ.
කෙසේ වෙතත්, මෙම අලාභයන් ගණනය කිරීමේදී සැපයුම්කරුගෙන් අය කර ගත යුතු දඩ මුදල් මෙතෙක් අඩු කර නොමැති බවද එම වාර්තාවේ සඳහන් වේ.
නැව් වාර 1 සිට 6 දක්වා අදාළ රසායනාගාර වාර්තා මීට පෙර පාර්ලිමේන්තු කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර, අනෙකුත් සියලුම නැව් වාර වල පරීක්ෂණ වාර්තාද වත්මන් වාර්තාව සමඟ ඉදිරිපත් කර ඇත.




බොරු කියන විපක්ෂය රටේ සංවර්ධනයට විශාල බාධාවක්...
ReplyDeleteයකෝ මේ කියල තියෙන්නෙ රජයේ නිලධාරියෙක්
Deleteඅනේ මෙහෙමත් 🐃 ක්
Deleteමේ ඇමතිට කළිනුත් චෝදනා තියෙන කෙනෙක්. අනිත් එක සප්ලයි එක කළ විධියම අවුල්. ඒ අයට හරි එයාට හරි ඕනෙ සප්ලයර් තියාගන්න ටෙන්ඩර් කන්ඩිශන් වෙනස් කරලා මෙහෙම විනාශයක් කරනකොට මේව ගෙවන්න වෙන්නෙ පච කොටා උද්ධමනයට වෙන වෙන අර්ථදැක්වීම් කරලා ඉපදින්න ඉන්න ළමයින්ට හිටන් ණය ගෙවන්න වෙන තැනක්කට රට පත්කරලයි. වැඩ කරන්න බාධාව විපක්ශන නෙමේ. වැඩ නොදන්න ආණ්ඩුවෙ ඉන්න මොඩ බූරුවො සෙට් එක.
Deleteඅත්දැකීම අඩු අයට මෙහෙම වෙනවා.
ReplyDeleteMinister may not know, since addressed to Secretary
ReplyDeleteAdd these losses to the next electricity bill hike. Because clowns in this country elected this abomination. They deserve it. So much for the transparency and corruption free governance they are claiming. O R is this previous government fault as they will claim.😊
ReplyDeleteජයකොඩි බන්දා හ..හා..හා...හා...
ReplyDeleteමූ ඕවා කරන්න ඒ කාලේ ඉඳන්ම ප්ලෑන් ගහගෙන හිටියේ. ඒකයි ඉස්සෙල්ලම සෝලාර් සිස්ටම් වලට කෙලියේ. වඳුරෙක් මරලා ගෙනත් දාලා රටටම ලයිට් නැති කරලා මිනිස්සුන්ගේ මතය හැදුවා සෝලාර් නිසා කෙල වෙනවා කියලා. ඊට පස්සේ යුනිට් එකක ගාන රුපියල් 19 කරලා ඊට පස්සේ Net ++ කියන ක්‍රමෙත් නැති කරා. එතකොට සෝලාර් කොම්පැනි ටිකයි ආයෝජකයොයි හාන්සියි. ගල් අඟුරු වලින් ගහන්න පුලුවන් ඊට පස්සේ ඩීසල් බලාගාර වලින් ගහන්නත් පුලුවන්.
ReplyDelete