සූරියකන්ද OIC අත්අඩංගුවට..

 


මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී සූරියකන්ද පොලිස් ස්ථානයේ සේවය කළ හිටපු ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, වනජීවී ආඥා පනතට පටහැනි අයුරින් ගෝනෙකු මරා දැමීමේ සිද්ධියකට අදාළව මෙම පියවර ගත් බවයි.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මේ වන විටත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වනු ලබයි.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු නිලධාරීන් දෙපළ හෙට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවීමට නියමිතය.

Previous Post Next Post