Rebuilding Sri Lanka අරමුදලක් පිහිටුවා නෑ..- RTI ඉල්ලීමට රජයේ පිලිතුර මෙන්න..


BBC Sinhala

'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කර ගනිමින් 'Rebuilding Sri Lanka' නමින් අරමුදලක් ස්ථාපනය කිරීමට රජය කටයුතු කළ අතර, එම අරමුදලේ කළමනාකරණ කමිටුවක් ලෙස කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට රජය කටයුතු කර තිබිණි.

2005 වසරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතේ මෙවැනි අවස්ථාවලදී අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීම සහ අවශ්‍ය කටයුතු සඳහා මුදල් යෙදවීම වෙනුවෙන් පිහිටවනු ලැබූ අරමුදලක් ද පවතින පසුබිමක මෙලෙස නව අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් විශාල වශයෙන් විවේචන එල්ල විය.

එම විවේචන මධ්‍යයේ රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක 'Rebuilding Sri Lanka' ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල ජනවාරි 13 ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

කෙසේ වෙතත් මෙම අරමුදලේ නීත්‍යනුකූලභාවය සහ එහි පසුබිම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා බීබීසී සිංහල සේවය 2026 ජනවාරි 23 වන දින ජනාධිපති කාර්යාලය සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වෙත 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමක් කළේ ය. මේ, එම තොරතුරු ඉල්ලීමට එම ආයතනවලින් ප්‍රතිචාර දක්වා තිබූ ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමකි.

අප විසින් යොමු කරන ලද තොරතුරු ඉල්ලීමට පළමු ප්‍රතිචාරය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ලැබුණු අතර, 2026 ජනවාරි 30 වන දින ලැබුණු එම පිළිතුරේ සඳහන්ව තිබුණේ, Rebuilding Sri Lanka සම්බන්ධයෙන් අප විමසා තිබූ තොරතුරු ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් බවට නිරීක්ෂණය වන බව ය.

එම නිසා එම තොරතුරු ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවීමට ද උක්ත අමාත්‍යංශය කටයුතු කර තිබිණි.

එම පිළිතුර අනුව පෙනී යන මූලික ම කරුණ වන්නේ, Rebuilding Sri Lanka යනුවෙන් අරමුදලක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ නොමැති බව ය.

'Rebuilding Sri Lanka යනුවෙන් අරමුදලක් ඔබ ආයතනය යටතේ පවතින්නේ ද?' යනු අප විසින් ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශය වෙත යොමු කරන ලද පළමු ප්‍රශ්නය යි.

මුලින් සඳහන් කළ පරිදි මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, එය ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් වන බැවින්, එම අමාත්‍යංශය යටතේ එවැනි අරමුදලක් නොමැති බව පවතින තොරතුරු අනුව පෙනී යයි.

2026 පෙබරවාරි 24 වන දින ජනාධිපති කාර්යාලය විසින් අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලද තොරතුරු අනුව ඉහත ප්‍රශ්නයට ඔවුන් ලබා දී තිබෙන්නේ, "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින," බව ය.

එසේ නම් මේ වන විට එම කාර්යාලය යටතේ ද තවමත් එවැනි අරමුදලක් පිහිටුවා නොමැති බව පෙනී යයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් දෙසැම්බර් 01 නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මෙම අරමුදල සම්බන්ධයෙන් සඳහන් වූ අතර, පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර දේශීය හෝ විදේශීය ඕනෑ ම පුද්ගලයෙකුට, ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ ඕනෑ ම මුදල් ඒකකයකින් පරිත්‍යාග කිරීම සඳහා බැංකු ගිණුම් විස්තර ද එම නිවේදනයේ සඳහන් කර තිබිණි.

විපක්ෂය එල්ල කළ ප්‍රබල චෝදනාවක් වූයේ, මෙම අරමුදල පිහිටුවීමට අදාළ නීතිමය ප්‍රතිපාදන නොමැති බවත්, අවශ්‍ය නම් 2005 වසරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතේ මෙවැනි අවස්ථාවලදී අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීම සහ අවශ්‍ය කටයුතු සඳහා මුදල් යෙදවීම වෙනුවෙන් අරමුදලක් පවතින බවත් ය.

'Rebuilding Sri Lanka' අරමුදල පිහිටුවා ඇති නීතිමය පසුබිම කුමක් ද? යන්න අපගේ තොරතුරු ඉල්ලීමේ දෙවන ප්‍රශ්නය විය.

"Rebuilding Sri Lanka අරමුදල පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කෙරෙමින් පවතින බව" ජනාධිපති කාර්යාලයේ පිළිතුර විය.

කෙසේ වෙතත්, www.rebuildingsrilanka.gov.lk යන රජයේ අරමුදල් රැස් කිරීම සඳහා හඳුන්වා දී ඇති වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට රජය Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා තිබේ. කෙසේ වෙතත් මෙම තොරතුරු ඉල්ලීම අනුව පෙනී යන්නේ, තවමත් එවැන්නක් පිහිටුවා නොමැති අතර, ඒ සඳහා තවමත් අවශ්‍ය කටයුතු සිදු කෙරමින් පමණක් පවතින බව ය.

අරමුදල විගණනය කෙරෙන්නේ කෙසේ ද? යන්න තොරතුරු ඉල්ලීමේ තෙවන ප්‍රශ්නය විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ද ජනාධිපති කාර්යාලයේ තොරතුරු ලබා දීමේ ලිපියේ සඳහන්ව තිබුණේ "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව," පමණකි.

www.rebuildingsrilanka.gov.lk යන අරමුදල් රැස් කිරීම සඳහා රජය හඳුන්වා දී ඇති වෙබ් අඩවියට අනුව, 2026 පෙබරවාරි 10 වන විට රු. බිලියන 6.072ක් එකතු වී තිබූ අතර, රුපියල්වලට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 10.29ක් ද එයට එකතු වී තිබිණි.

කෙසේ වෙතත්, තොරතුරු ඉල්ලීම සිදු කළ 2026 ජනවාරි 23 වන දින දක්වා අරමුදලට එකතු වී ඇති අරමුදල් ප්‍රමාණය විමසා තිබූ නමුත් ජනාධිපති කාර්යාලය පිළිතුර වී ඇත්තේ, "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව," ය.

ඉහත සඳහන් වූ ප්‍රශ්නවලට අමතරව "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතියි" යන පිළිතුර ලැබුණු තවත් ප්‍රශ්න කිහිපයක් තොරතුරු ඉල්ලීමේ විය.

අරමුදල පවත්වාගෙන යාම, පරිපාලනය ඇතුළු කටයුතු සඳහා කොපමණ සේවක සංඛ්‍යාවක් සිටිනවා ද?, ඔවුන්ට වැටුප් ගෙවීමක් සිදු කරන්නේ නම් වැටුප් ගෙවීම සිදු කරන ආයතනය කුමක් ද?, මෙම අරමුදල හරහා සිදු කළ වියදම්, එම වියදම්වලට අනුමැතිය ලබා දුන්නේ කවු ද? යන ප්‍රශ්න සඳහා ද ජනාධිපති කාර්යාලයේ පිළිතුර වී ඇත්තේ, "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතියි" යන්න පමණි.

මෙම අරමුදලට සඳහා කළමනාකරණ කමිටුවක් නොමැති බව ජනාධිපති කාර්යාලය පවසයි.

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය විසින් 2025 දෙසැම්බර් 01 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, 'රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත 'Rebuilding Sri Lanka' අරමුදලේ කළමනාකරණ කමිටුව පත් කෙරේ,' යනුවෙනි.

එය ජනාධිපති මාධ්‍ය අංශයේ නිල වෙබ් අඩවියේ ද පළ කර තිබේ.

"මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත ය," යනුවෙන් එහි සඳහන් ය.

කෙසේ වෙතත් තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයේ සඳහන් වන්නේ 2025.01.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව අරමුදල සඳහා පත් කර ඇත්තේ පාලක මණ්ඩලයක් බව ය.

එහි සාමාජිකයන් මෙසේ ය.

  • කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
  • බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්
  • මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
  • ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව
  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න
  • හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ
  • ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්
  • එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක
  • බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්
  • LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර

මෙම සාමාජිකයන් මෙම අරමුදලේ "පරිපාලන කමිටුව" ලෙස පත් කිරීමට සලකා බැලූ කරුණු ජනාධිපති කාර්යාලයේ තොරතුරු ලබා දීමේ ලිපියේ සඳහන්ව තිබේ.

විශ්වාසනීයත්වය, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජනය සහිතව පාලක කමිටුව පත් කිරීමට යෝජනා කර තිබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඉහත සඳහන් කළ කළමනාකරණ කමිටුවේ කාර්යය "අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම," යනුවෙන් 2025 දෙසැම්බර් 01 ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

"මෙම කමිටුව විසින් අරමුදලට අදාළ මූල්‍ය කළමනාකරණය, විගණනය සහ සියලු ම අරමුදල් ක්‍රියාකාරකම්වල පූර්ණ විනිවිදභාවය සහතික කරනු ඇත," යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් ය.

කෙසේ වෙතත්, තොරතුරු ඉල්ලීමෙහි සඳහන් වන මෙම "පාලක කමිටුවේ" කාර්යය සීමාව දක්වා ඇත්තේ මෙසේ ය.

"මහජන විශ්වාසය පවත්වා ගැනීම වැඩිදියුණු කිරීම සහ ආපදා ආශ්‍රිත දායකත්වයන් සඳහා මහජන සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වන කඩිනම් ජාතික අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන විනිවිදභාවය, වගවීම පවත්වා ගනිමින් සහ නිසි ආයතනික ක්‍රියාපටිපාටි මූලධර්මවලට අනුකූල වෙමින්, පරිත්‍යාගයන් යොදවා ගැනීමට උපාය මාර්ගික මග පෙන්වීම සහ සම්බන්ධීකරණය සැපයීමට මෙන් ම අදාළ දැනුවත්භාවය සහ ප්‍රජා සම්බන්ධතා ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා පාලක කමිටුවේ කාර්යයන් සීමා කර ඇත."

පසුගිය පෙබරවාරි 17 වන දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් කැඳවූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ ද මෙම අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතු විය.

එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් අරමුදල සම්බන්ධයෙන් විමසා සිටියේ ය.

"සල්ලි ටික ඔක්කොම DST අකවුන්ට් [Deputy Secretary to the Treasury - අරමුදලට මුදල් රැස් කිරීම සඳහා රජය නිවේදනය කළ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ මහ බැංකුවේ පවතින 50516 යන ගිණුම් අංකය දරන ගිණුම] එකට ඇවිල්ලා තියෙනවා. ඒකට ලෝ එකක් [නීතියක්] හැදිලා නෑ," නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා පැවසුවේ ය.

එහිදී රජයේ අරමුදල් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මුදල් කාරක සභාව බව ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ය.

"අපි තමයි මේක අධීක්ෂණය කරන්නේ, අපි තමයි මුදල් කාරක සභාව... එක්කෝ තීරණයක් ගන්න ආණ්ඩුව. එක්කෝ කියන්න අපි DST අකවුන්ට් එකේ ම මේක තියන් යනවා, එහෙම නම් Rebuilding Sri Lanka ෆන්ඩ් එකක් ගැන කතා කරන්න එපා," ඔහු පැවසුවේ ය.

"මොකද Rebuilding Sri Lanka ෆන්ඩ් එකක් මෙහෙ නෑ."

8 Comments

  1. මේ ආණ්ඩුවේ හොරු නෑ කියල මිනිස්සු දන්නවා මහත්තයෝ.
    ඒකනේ මේ හර්ෂත් කියල තියෙන්නෙ. DST අකවුන්ට් එකේම තියෙනවා කියල. චන්ද අජෙන්ඩා, ගිමික් නැති එකම ආණ්ඩුව, අපේ NPP විතරමයි.

    නිකං මතක් උන නිසා කියන්නෙ, බනින්න එපා.... මයින හිටිය කාලේ නං ඌ ඔය අකවුන්ට් එක හදන්නෙ මැදමුලනේ.

    ReplyDelete
    Replies
    1. ඩෝබී ඉන් ඇක්ශන්. මේකෙ මොකක් හරි කොස්සක් තියනව. ඒකයි මේ නිවුස් එකට ඩෝබියො ටික බැහැල තියෙන්නෙ.

      Delete
  2. Rebuilding ශ්‍රී ලංකා කියන්නෙ campaign එක මිසක් ගිණුමක් නොවන බව ඔබේ හය හතර නොදන්නා දරුවාට කනට දෙකක් දී පැහැදිලි කර දෙන්න.
    හැබැයි හෙල්පින්ග් හම්බන්තොට කියන්නේ මොකක්ද? දන්න කෙනෙක් ඉන්නව නං අත උස්සන්න

    ReplyDelete
    Replies
    1. Rebuilding Sri Lanka අරමුදල
      Rebuilding Sri Lanka Fund කිව්වම උඹට ගිණුමක් ඔලුවට එන්නෙ නැත්තං
      සිංහල හරි ඉංග්රීසි හරි පන්තියකට පලයං
      හිපාටුවා

      Delete
    2. ඩෝබී ඉන් ඇක්ශන්. මේකෙ මොකක් හරි කොස්සක් තියනව. ඒකයි මේ නිවුස් එකට ඩෝබියො ටික බැහැල තියෙන්නෙ.

      Delete
  3. me anduwe horunaaa..inne boru karayoi wancha karayoi witharai.un karanne million ganan thiyena account wala credit card use karana eka thama.salli athin allannena.

    ReplyDelete
  4. Comments dakkama penawa, Guuuu redi tika hodanna dobila set eka sadi pahadi innawa kiyala. Yako waraddak kawuru kalath, eka nihathamniwa piliganilla.

    ReplyDelete
  5. ලපයා සහ ආන්ඩුව හොද එකෙන් හොරා කන්නෙ. කම්බා හොරු. සත පහක වැඩක් කරල නෑ. මුන්ට අදි වේගී මාර්ග නෙලුම් කුලුනු වරායවල් ගුවන්තොටුපොලවල් හදන්න හීනෙන්වත් බෑ. 2500 ට අපුල්ලන හොද ලොන්ඩ්‍රියක් විතරයි තියෙන්නේ.

    ReplyDelete
Previous Post Next Post