ඉන්ධන බෙදුම්කරුවන් 25%ක් වැඩිකර ඉල්ලති.. නැතොත් වර්ජන..

 


ඉන්ධන ප්‍රවාහන ගාස්තු අවම වශයෙන් සියයට 25කින් වත් ඉහළ නැංවිය යුතු බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි. 

කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හමුවේ මෙම ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා රජය නිසි විසඳුමක් ලබාදිය යුතු බවත්ය.

රජය මෙම ඉල්ලීම් කෙරෙහි නිසි අවධානයක් යොමු නොකරන්නේ නම්, ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට ද එම සංගමය අනතුරු හඟවා සිටියි.

Previous Post Next Post