පසුගිය 14 වන සෙනසුරාදා දින විදුලිය සැපයීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට ඩීසල් ලීටර් 850,000 ක ප්‍රමාණයක් වැය කිරීමට සිදු වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය.
හිටපු විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා බාල වර්ගයේ ගල් අඟුරු යොදා ගැනීම නිසා විදුලි උත්පාදනය අඩාල වී ඇති බවය.
මේ හේතුවෙන් ඉකුත් සෙනසුරාදා මෙගාවොට් 135 ක ධාරිතාවක් පද්ධතියට අහිමි වී තිබේ.
මෙම අක්‍රමවත් ක්‍රියාවලිය හේතුවෙන් රුපියල් කෝටි 19 ක දැවැන්ත පාඩුවක් සිදු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
තමන් ඉදිරිපත් කරන සියලු කරුණු විද්‍යාත්මක පදනමකින් සහ නිවැරදි දත්ත මත පිහිටා ප්‍රකාශ කරන බව අවධාරණය කළ රණවක මහතා, ඉදිරිපත් වන තර්ක සඳහා දත්ත මගින් පිළිතුරු දෙනවා වෙනුවට කරුණු පවසන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙස රජයට දන්වා සිටියේය.
