ගෑස් සැපයුමට බාධා.. ලංකාව ඇමරිකා ගෑස් දෙසට හැරේ...


මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙරට ගෑස් සැපයුමට එල්ල විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා, මැදපෙරදිග කලාපය මත යැපෙනු වෙනුවට අමෙරිකා එක්සත් ජනපදයෙන් දේශීය ගෑස් අවශ්‍යතා සපුරා ගැනීමට රජය පියවර ගෙන ඇත.

මෙම තීරණය යටතේ දැනටමත් මෙරටට ආනයනය කර ඇති විශාල ගෑස් නෞකාවක්, ශ්‍රී ලංකාව තුළ පවතින ගබඩා පහසුකම්වල මඳිබව හේතුවෙන් මාලදිවයිනට අයත් මුහුදු සීමාවේ රඳවා තැබීමට සිදුව ඇති බව වාර්තා වේ.

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා 'ඩේලි මිරර්' පුවත්පතට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, වර්තමාන ගෝලීය තත්ත්වයන් හමුවේ සැපයුම් අඩාල වීම වැළැක්වීම සඳහා අමෙරිකාවෙන් ගෑස් මිලදී ගැනීමට තීරණය කළ බවයි. ඒ අනුව ඉදිරි කාලසීමාව සඳහා වන ගෑස් නැව්ගත කිරීම් අඛණ්ඩව සිදුවන බවද ඔහු තහවුරු කළේය.

"මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ ටොන් 22,000ක ගෑස් තොගයක් මාලදිවයිනට ආසන්න මුහුදේ දැනට රඳවා තිබෙනවා. ඒ කෙරවලපිටිය ගබඩා සංකීර්ණයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසයි. මීට අමතරව තවත් ටොන් 33,000ක ගෑස් තොගයක් ඉදිරියේදී ලැබීමට නියමිතයි"

අමෙරිකාවෙන් ගෑස් ආනයනය කිරීමේදී පවතින ආර්ථික වාසිය පිළිබඳව විමසීමේදී ඔහු කියා සිටියේ එහි සැළකිය යුතු මිල අඩුවීමක් දක්නට නොලැබෙන බවයි. 

අමෙරිකාවේ ගෑස් මිල තරමක් අඩු වුවද, වැඩි දුරක් යාත්‍රා කිරීමට සිදුවන බැවින් ප්‍රවාහන ගාස්තු  ඉහළ යන බවත්, ඒ අනුව වෙළඳපොළ තුළ විශාල මිල වාසියක් නොමැති වුවද සැපයුම් සුරක්ෂිතතාව වෙනුවෙන් මෙම පියවර ගත් බවත් ඔහු අවධාරණය කළේය.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින ගෑස් හිඟය පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා පවසා සිටියේ ලාෆ්ස් ගෑස්  සමාගමේ සැපයුම් සීමා වීම හේතුවෙන් ඇති වූ අතිරේක ඉල්ලුම සපුරාලීමට ලිට්රෝ සමාගමට සිදුව ඇති බවයි.

ප්‍රධාන නගරවල සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගියද අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටි බෙදාහැරීමේ මධ්‍යස්ථානවල තවමත් යම් හිඟයක් පවතින බව ඔහු පිළිගත්තේය.

සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වය යටතේ ලිට්රෝ සමාගම මසකට ගෑස් ටොන් 33,000ක් සපයන අතර, අනෙකුත් සමාගම් ටොන් 5,000ක පමණ ප්‍රමාණයක් සැපයීමට වගකීම දරයි.

5 Comments

  1. ඕකට තමා හොරගල් ඇහුලුවේ .ඇමරිකාවට තුරුල් වෙන්න.

    ReplyDelete
  2. ඕකට තමා හොරගල් ඇහුලුවේ .ඇමරිකාවට තුරුල් වෙන්න.

    ReplyDelete
  3. රටට වස් වැදුනා . .....අවුරුද්දට ළිප පත්තු කරේ නැති නිච කුලේ පරයෙක් ඉන්නකොට රටට හරියයිද ? මොනා උණත් සිරියාවක් තියන ගෑනියෙක් දරුවෝ ඉන්න සිංහල බවුද්ද නායකයෙක්ට විතරයි මං මිට පස්සේ ජන්දේ දෙන්නේ

    ReplyDelete
  4. ඩොලර් කාක්කා .....March 18, 2026 at 7:32 AM

    මට ඩොලර් බඩගිනියි

    ReplyDelete
  5. අදිරාජ්ජවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය රෑකගන්න එක තමා පෑලවත්තේ උපාය මාර්ගය .....
    ..........මේ JVP තිරිසන්නු එහෙම විපක්ශයේ හිටියානම් අද මිනී මරලා......... ආන්ඩු පන්නලා...... පාර්ලිමේන්තුව ගිනිතියලා..... පවුද්ගලික දේපොල ගිනිතියලා......

    ReplyDelete
Previous Post Next Post