පුනර්ජනනීය සම්පත් මඟින් උත්පාදනය වන අතිරික්ත බල ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා ජාලක පරිමාණ බලශක්ති ගබඩා විසඳුමක් ලෙස මහ ඔය පොම්ප කළ ජල ගබඩා ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් සැලසුම් කර ඇත. ඉල්ලුම අඩු කාල සීමා වලදී බල ශක්තිය ගබඩා කර තබා ගැනීමටත්, ඉල්ලුම ඉහළ කාලසීමා වලදී එලෙස ගබඩා කර ගත් බල ශක්තිය විදුලි පද්ධතිය වෙත සැපයීමටත් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් අපේක්ෂා කෙරේ.
මුළු පිරිවැය ඇස්තමේන්තුව ශ්‍රී ලංකා රුපියල් බිලියන 243.09 ක් වන මෙම ව්‍යාපෘතිය, සංවර්ධන අදියර සහ ඉදිකිරීමේ අදියර වශයෙන් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, බල ශක්ති ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, 2024 අංක 33 දරන රාජ්‍යණය කළමනා කරණ පනතේ විධි විධාන වලට අනුගතව අවශ්‍ය අරමුදල් සලසා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බල ශක්ති ධාරිතාවෙහි වේගවත් වර්ධනයක් සිදු වී තිබෙන බව නිරීක්ෂණය කරනු ලැබ ඇති නමුත්, අනුමතදිගුකාලීන විදුලි ජනන සැලැස්ම තුළින් අපේක්ෂා කළ ආකාරයට වඩා ආසන්න වශයෙන් වසර 02 කට පෙරාතුවදීම රාත්‍රී කාලයේ ඇති වන උපරිම ඉල්ලුමෙහි වර්ධනයක් සිදු වෙමින් ඇති බව වත්මන් පද්ධති නිරීක්ෂණ මඟින් හඳුනා ගනු ලැබ තිබේ.
විදුලි බල පද්ධතියේ නම්‍යශීලී භාවය වැඩි දියුණු කිරීම සහ පුනර්ජනනීය බල ශක්තිය ප්‍රයෝජනයට ගැනීම ඉහළ නැංවීම සඳහා දිගුකාලීන විදුලි ජනන සැලැස්ම යටතේ 2031-2032 කාලසීමාව තුළ මූලිකව සැලසුම් කර තිබූ මෙගාවොට් 300ක බැටරි බල ශක්ති ගබඩා පද්ධති ධාරිතාව ක්‍රියාත්මක කිරීම 2028-2029 කාල සීමාව තුළදී සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, එලෙස අනුමත මෙගාවොට් 300 බැටරි බල ශක්ති ගබඩා පද්ධති ධාරිතාවෙන්, මෙගාවොට් 250 ක් ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම වෝල්ටීයතා බෙදා හැරීමේ ජාලයට සෘජුවම සම්බන්ධිතමෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 තනි බැටරි බල ශක්ති ගබඩා පද්ධති ස්ථාපිතකිරීමේ ව්‍යාපෘති 25ක් හරහා ප්‍රසම්පාදනය කිරීමට තීරණය කර තිබේ.
ඉතිරි මෙගාවොට් 50 බැටරි බල ශක්ති ගබඩා පද්ධති ධාරිතාව, තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලියක් හරහා දැනට ක්‍රියාත්මක භූමිය මත ඉදිකරනු ලැබ ඇති සූර්ය විදුලිබලාගාර සමඟ බැටරි බල ශක්ති ගබඩා පද්ධති සම්බන්ධ කරනු ලැබීම හරහා ප්‍රසම්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් වන නැෂනල් සිස්ටම් ඔපරේටර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ පුනර්ජනනීය බල ශක්ති සම්පාදන සහ කාර්යය අධීක්ෂණ අංශය හරහා යෝජිතමෙගාවොට් 50 බැටරි බල ශක්ති ගබඩා පද්ධති ධාරිතාව සපයා ගැනීම සඳහා අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස බල ශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෑත කාලය තුළ පුනර්ජනනීය බල ශක්තියේ ධාරිතාව, විශේෂයෙන් සූර්ය බල ශක්ති ස්ථාපනය කිරීම් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට පැවතෙනු ඇතැයි බලාපොරොත්තු වේ. එකී තත්ත්වය යටතේ ජනනය වන සූර්ය බල ශක්ති ධාරිතාව, 2023 - 2042 දිගුකාලීන විදුලි ජනන සැලසුම් රාමුව තුළ වූ සූර්ය බල ශක්ති ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතා ද අභිබවා ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, පුනර්ජනනීය බල ශක්ති ප්‍රයෝජනයට ගැනීම ඉහළ නැංවීම පිණිස පසු භාවිතය සඳහා බල ශක්තිය ගබඩා කිරීමට හැකි වන පරිදි මෙගාවොට 10/ මෙගාවොට් පැය 40 තනි බැටරි බල ශක්ති ගබඩා පද්ධති 25ක් ඉදිකිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.
ඒ අනුව, වසර 15 ක මෙහෙයුම් කාල සීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත එකී බැටරි බල ශක්ති ගබඩා පද්ධති 25 ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බල ශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තවත් ටෙන්ඩර් හොද්දක්ද ඇමැටිතුමෝ
ReplyDeleteHope it will workout well.
ReplyDeleteඅප්පා ....කොමිස් ....කොමිස් .....කොමිස්
DeleteProposal by Kumara Jayakody!!!May god save Sri Lanka.
ReplyDeleteඅද සාම්පුර් තිබ්බා නම් .....අපේ රජුට වඳින්න ඕනේ ....ඉබ්බ්‍රහිම් නානාලා කාඩිනල් ලා කාපු හුන්ඩුව මේක
ReplyDelete