නොරොච්චෝල බලාගාරය සඳහා භාවිත කරන ගල් අඟුරුවල ප්‍රමිතිය අපේක්ෂිත මට්ටමට වඩා පිරිහී ගියහොත්, ඉන් නිකුත් වන අහිතකර රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ලක්ෂ දෙකකට ආසන්න ජනතාවකගේ සෞඛ්‍යයට සෘජු බලපෑම් එල්ල විය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ගල් අඟුරු දහනයෙන් සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, රසදිය, ආම්ලික වායූන් සහ විවිධ බැර ලෝහ ඇතුළු අහිතකර රසායනික කාණ්ඩ 05 ක් පරිසරයට මුදා හැරෙන බව පෙන්වා දෙන ඒ මහතා, සාමාන්‍ය තත්ත්ව යටතේ පවා මෙම රසායනිකයන් පරිසරයට එකතු වීමෙන් ප්‍රදේශවාසීන් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බව අනාවරණය වී ඇතැයි පවසයි. එවැනි පසුබිමක, නිසි සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීමෙන් මෙම අවදානම තවත් තීව්‍ර වන බව ඔහු අවධාරණය කළේය.
විශේෂයෙන්ම රසදිය වැනි බැර ලෝහ මට්ටම ඉහළ යාමෙන් ගොඩබිම, ජලය සහ වාතය දැඩි ලෙස දූෂණය වන අතර, එය සාගර ජීවීන්ට ද අහිතකර ලෙස බලපායි. රසදිය සහිත ජලයේ වෙසෙන මත්ස්‍යයන් පරිභෝජනය කිරීම මිනිස් සෞඛ්‍යයට සෘජු හා බරපතළ බලපෑම් එල්ල කරන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද, මේ දක්වා පරිසර අංශ මගින් පිළිගත හැකි වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව ඒ මහතා චෝදනා කරයි. එමෙන්ම අදාළ ගල් අඟුරු ටෙන්ඩරය සහ එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් සක්‍රීය පියවරක් ගෙන නොතිබීම කණගාටුවට කරුණක් බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

system changed , people who made voice in streets are in power
ReplyDeleteඅම්මට සිරි,
ReplyDeleteදැන් කවුද යකෝ ඔය ගල් අඟුරු වල කිලෝ කැලරි range එක තීරණය කරේ.
ඔය කිලෝ කැලරි range එක තීරණය කරේ මීට අවුරුදු 20කට කලින්. මහින්දගේ කාලේ
ඊට පස්සෙත් ඔය range එකේ ගල් අඟුරු ආව, හැබැයි එහෙම ආව කියල එලියට ආවේ නැහැ.
ඒ කාලේ මයින මාළු කාවේ නැතිද. මයිනගේ පොඩි හනුම මාළු කාවේ නැතිද
නෙදකින් කාලකන්නි.තොපි හදපු spec වලට තමයි බඩු ඇවිත් තියෙන්නේ මිනිස්සු බය කරන්නේ නැතිව හිටපියවූ
මූ නම් ඩෝබි කම පිළිබඳ විශේෂවේදී උපාධියක් තියෙන කෙනෙක් වෙන්න ඕන
Deleteමයියා හදපු specs වලට ගල් අඟුරු ගෙනාවා නම් පරිසර දූෂණය අවම පවතිනවා. ඒ දවස්වල අලු ප්‍රතිශතය 16% ට වැඩි ගල් අඟුරු නැව් 7 ක් ආපසු යැව්වා. නමුත් මාලිමා ආණ්ඩුව අලු ප්‍රතිශතය 26% තිබුණ නැව් ඔක්කොම බාරගත්තා. ඒ නිසා මෙගා වොට් 810 හදන තාප බලාගාරය දැන් හදන්නෙ මෙගා වොට් 740. පරිසරය ට මුදාහරින අපද්‍රව්‍ය 200% වැඩි වෙලා තියෙනවා. තොපි හේන මාමලා නොහොත් ඩෝබිලා මාලිමාවේ අසූචිත් ඇඟේ උලාගන්නවා.
Deleteමුතුරාජවෙල පරිසර හානි ගැන කරදර වුනු කාඩිනල් කෙනෙක් හිටියා
ReplyDeleteහැබැයි එයා බාල ගල්අඟුරු නිසා ඇති වන පාරිසරික ගැටළු හා සෞඛ්‍ය ගැටළු ගැන සද්ද නැහැ
මම හිතන්නේ එයාත්, පඬුකරඳ ගහ ගැන වද වෙන දේවානි ලා, සිංහරාජෙ ගැන වද වෙන භාග්‍යා ලා වගේම, පරිසරය ගැන වද වෙන්නේ බලයේ ඉන්න ආණ්ඩුව ට තමන් කැමතිද නැද්ද කියන එක බලලයි.