මැදපෙරදිග මේ වනවිට ඇති වී ඇති යුදමය වාතාවරණයත් සමග සිවිල් ගුවන් සේවාවන්වලට ඇති වූ බලපෑම සමනය වී නොමැති බවත් මෙම කලාපවල ගමනාන්ත වෙත ගමන් කරන ගුවන් ගමන් තවදුරටත් අවලංගු කිරිමට ගුවන් සමාගම් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා
මේ බව පැවසුවේ එම අමාත්‍යංශයේ
පැවැති විශේෂ ප්‍රවෘත්ති
සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
03
උදෑසන වනවිට
පැමිණීමට නියමිතවූ තිබූ
ගුවන්වාර 107ක්
, පිටත්වීමට
නියමිතව තිබූ ගුවන් වාර 98ක්
ලෙස සම්පූර්ණ ගුවන් වාර 205ක්
අවලංගු කර ඇති බව අමාත්‍යවරයා
එහිදී පෙන්වා දුන්නේය.මැදපෙරදිග
කලාපයේ ඕමානය , සෞදි
අරාබිය ආදී ඇතැම් ගුවන් සේවාවන්
විවෘතව පැවතියද ඒවායේ සම්පූර්ණ
ගුවන් සේවාවන් ආරම්භ කිරීමට
නොහැකි බවත් සමහර ගුවන් සේවාවන්
එම කලාපය හරහා සිය ගුවන් ගමන්
ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු
කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන්
කළේය.
එසේම සීමාවට ලක්වී ඇති අබුඩාබි , සාජා ඩුබායි වැනි සමහර ගුවන් කලාප සීමිත කාලයක් සඳහා විවෘථ කර ඇති බව පෙන්වා දෙන ඒ මහතා ඒ සඳහා කටයුතු කිරීමට හැකි වන්නේ විශේෂිත ගුවන් යානා සඳහා පමණක් බවත් සාමන්‍ය ගුවන් සේවාවන් ආරම්භ කිරීමට නොහැකි බවත් පැවසීය.
සිවිල් ගුවන් සේවා සමාගම් සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සිදු කළ සාකච්ඡාවේදී ගුවන් මගීන්ගේ වීසා කටයුතු සති දෙකක කාලයකට දීර්ඝ කිරීමටත් එම තත්වය තවදුරටත් දීර්ඝ කර ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තෙක් ඔවුන්ට වීසා පහසුකම් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කළ බව අමාත්‍යවරයා කීය.
එසේම විවධ රටවල, ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් රැඳී සිටින ගුවන් මගීන් ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය සහ එම රටවල තානාපති කාර්යාල සමග සම්බන්ධ වෙමින් ඒ සඳහා අවශ්‍ය වන පහසුකම් ලබා දීමට මැදිහත් වන ලෙස එහිදී ගුවන් සමාගම් ඉල්ලීමක් කළ බවද අමාත්‍යංශය ඒ වෙනුවෙන් කටයුතු සම්බන්ධීකරණය කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ
වන විට ලංතාව තුළ රැඳී සිටින
විදේශීය රටවල්වල ගුවන් මගීන්
විශේෂයෙන් එංගලන්තය ,
ජර්මනිය
ආදී විවිධ රටවල්වල රැඳී සිටින
ගුවන් සමාගම් ඔවුන්ගේ ගුවන්
යානා සම්බන්ධතාවය මැදපෙරදිග
රටවල හරහා පවතින බවත් එම පිරිස්
විශේෂිත ගුවන් යානා හරහා සිය
රටවල්වලට නැවත යාමට අපේක්ෂාවන්
පසුවන බැවින් ඒ සඳහා අවශ්‍යවන
පහසුකම් සැපයීමට විදේශ කටයුතු
අමාත්‍යංශය කටයුතු කරන බවද
පෙන්වා දුන්නේය.
මෙම
තත්වය මත ගුවන් ගමන් අවලංගුවීමත්
සමග සමහර පුද්ගලයන්ගේ ගුවන්
ටිකට්පත් නැවත වරක් සංශෝධනය
කිරීමට සිදු වූ බවත් ඇතැම්
පුද්ගලයන්ගේ ගුවන් ටිකට්පත්
අවලංගු කිරීමට සිදු වූ අතර
මේ කිසිදු අවස්ථාවක අතිරේක
මුදලක් අය නොකර අවලංගු කිරීමේදී
සම්පූර්ණ මුදල නැවත ලබා දීමටත්
ගුවන් ගමන නැවත වෙනත් ගුවන්
ගමනක් බවට පරිවර්තනය කිරීමේදී
කිසිදු අතිරේක මුදලක් අය නොකර
අදාළ පහසුකම් ලබා දීමටත් සියලු
ගුවන් සමාගම් අමාත්‍යංශය සමග
එකඟ වූ බවද අමාත්‍යවරයා
වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරි
දින 50කට
ආසන්න කාලයකට හිඟයකින් තොරව
ගුවන් යානා ඉන්ධන පවතින බව
ඛණිජ තෙල් සමාගමෙන් කළ විමසීමකදී
ඔවුන් සඳහන් කළ බවද අමාත්‍යවරයා
එහිදී අදාළ ගුවන් සමාගම් වෙත
දැනුම් දී තිබේ.
එසේම ලන්ඩන් , ෆ්‍රැන්ක්ෆර්ට් සහ පැරිස්වලට ගමන් කරන ශ්‍රී ලංකන් ගුවන් යානාවල කටයතු නැවත ආරම්භ කර ඇති බව පවසන අමාත්‍යවරයා මැදපෙරදිග කලාප මගහරිමින් විකල්ප ගුවන් මාර්ග ඔස්සේ මෙම ගුවන් යානා ගමන් කරන බවත් සාමාන්‍ය ගුවන් කාලයට අතිරේකව පැයක පමණ කාලයක් මේ සඳහා අවශ්‍ය වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මේ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් පාර්සල්වල යම් සීමාකමක් සිදු කිරීමට සිදුවන බවද හෙතෙම කීය.
මැදපෙරදිග තත්වය සමනය වන තෙක් විකල්ප ක්‍රියා මාර්ග ඔස්සේ හැකිතාක් දුරට බණ්ඩාරනායක ගුවන් තොටුපළ සහ මත්තල ගුවන් තොටුපළ සමග සිවිල් ගුවන් සේවා කටයුතු පවත්වා ගැනීම සඳහා අමාත්‍යංශය උපරිම මැදිහත්වීමෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
