ඉන්ධන නැතිවෙතැයි බියෙන් වාහන තදබදය සෑහෙන්න අඩුවේ...


ආසන්න දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක මාර්ගවල පවතින රථවාහන තදබදය සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව වාර්තා වේ.

ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට බියෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වීම මීට ප්‍රධානතම හේතුව වී තිබේ. 

එසේම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව හමුවේ ඉදිරියේදී ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි පවතින සැකය මත බොහෝ පිරිසක් සිය අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කිරීමට පියවර ගෙන ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් වෙනදා දැඩි රථවාහන තදබදයක් පවතින නාගරික කලාපවල පවා මේ දිනවල පවතින්නේ ඉතා අවම වාහන සංඛ්‍යාවකි. 

ඉන්ධන පිරිමසා ගැනීමේ අරමුණින් ජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතයට වැඩි නැඹුරුවක් දැක්වීම හෝ ගමන් බිමන් අවලංගු කිරීම නිසා මෙලෙස මාර්ග තදබදය අඩුවී ඇති බව නිරීක්ෂණය වේ.

3 Comments

  1. ammo yako mewwane news

    ReplyDelete
  2. මේ රටට ස්වර්ණයම අවස්ථාවක් ආවා, අවුරුදු ගනනාවක් වාහන ගේන්නෙ නැතුව තියලා වාහන ගෙන්නද්දී, ඉලෙක්ට්‍රික් වාහන වැඩිපුර ගෙන්නන්න ඒවට බදු අඩුම කරන්න.
    ඒත් රටේ ආණ්ඩුවේ හිටියේ ගොන් බඳින කණු නිසා ඒවා තේරුමක් තිබුනේ නැහැ.
    උන් 15% බද්ද 30% කරා. දැන් ඉලෙක්ට්‍රික් වාහන ගත්තු උන්ට ඔය ප්‍රශ්නේ නැහැ.

    ReplyDelete
Previous Post Next Post