මහජන මුදල් වැය කර නිල විදේශ සංචාර මුවාවෙන් සාප්පු සවාරි ගිය ඇතැම් මැති ඇමැතිවරු තමාට හමුවී ඇතිබවත් වත්මන් රජයේ මැති ඇමැති වරුන් එවැනි අදූරදර්ශී පිළිවෙත් වලින් බැහැර වී ඇතිබවටත් තමා විශ්වාස කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ අවධාරණය කරති.
උපරතන හිමිපාණන් වහන්සේ මේ බව කියා සිටියේ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසිංහ මහතා, උන්වහන්සේ බැහ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දීය.
ප්‍රවාහන ක්ෂේත්රයේ නව පරිවර්තනය ක් වෙනුවෙන් ලෝක බැංකුව වාර්ෂිකව සංවිධානය කරනු ලබන " Transforming Transportation 2026 " වැඩසටහන ට සහභාගි වීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, එක්සත් ජනපදය ට පැමිණියේ ය.
මෙහිදී කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා වේ ප්‍රවාහන අංශය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් අතිශය වැදගත් බවයි.
එක්සත් ජනපදය වැනි ලොව සංවර්ධිත රටවල් ප්‍රවාහන සේවය ලාභ ලැබීමේ පරමාර්ථය ට වඩා මහජන සේවාවක් ලෙස පවත්වා ගෙන යන බවත් ශ්‍රී ලංකා වට ද එවැනි ක්‍රමවේදයක් හඳුන්වා දීම වැදගත් බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
වොෂින්ටන් අගනුවර ලෝක බැංකු මූලස්ථානයේ දින හතරක කාලයක් පැවැති "Transforming Transportation 2026" වැඩසටහන හරහා ශ්‍රී ලංකා වේ ප්‍රවාහන අංශය ශක්තිමත් කිරීමට ගත හැකි ක්රමෝපායන් සම්බන්ධයෙන් මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා නායක හිමිපාණන් වහන්සේ දැනුවත් කළේය.
සිසිර විජේසිංහ (වොෂින්ටන්)

වතිකානුව වන්දනා කරන්ඩ රෝමයට ගිය බිමල් රත්නායකව ගෙන්නන්ඩ හිස් ප්ලේන් එකක් රෝමයට ඇරපුබව
ReplyDeleteමුන් වහන්සේ දන්නේම නැද්ද?
නලින්දයා ලඟදි ඉන්දියාවට ගියවෙලේ බාල බේත් ගෙන්නන මාපියා කාරයෙක් අල්ලසකට තෑගි දුන්න ක්‍රෙඩිඩ්
Deleteකාඩ් එහෙකින් ලක්ෂ ගනනක ෂොපින් කරපු විස්තරේ මුන්වහන්සේට ආරංචි වෙන්ඩ නැතුව ඇති. පව්! කවුරුහරි අන්න ඒ වීඩියෝ මුන්වහන්සේට යවපල්ලා. පිං සිද්ධ වෙනව.
මුන් වහන්සෙද ඒ ඇමතිල ෂොපින් අරන් ගියෙ?
ReplyDeleteහොඳ ප්‍රශ්නයක්. සමහරවිට මුන්වහන්සෙ ෂොපින් යනකොට ඇමතිලව ෂොපින් මෝල් එකේදී හම්භවුනා වෙන්ඩත් පුලුවන්.
Deleteස්වාමීන්වහන්සේ දන්නෙ නැද්ද වතිකානුවට ගිය ඇමටියා ගේන්න වෙනම ප්ලේන් ගිය විත්තිය. ඔහේ දෙසනවා
ReplyDeleteස්වාමීන්වහන්සේ දන්නෙ නැද්ද වතිකානුවට ගිය ඇමටියා ගේන්න වෙනම ප්ලේන් ගිය විත්තිය. ඔහේ දෙසනවා
ReplyDeleteමුන්වහන්සේට කියලද ශොපිං ගිහිල්ලා තියෙන්නේ ?
ReplyDeleteඌ එහෙට වෙලා ශොපින් යන ගමන් ශොපින් යන්න ආපු පාරෙ වලවල්වලට වැලි කොට්ට ගහන එකාට කියනව ශොපින් යන්න එපාලු.
ReplyDelete