2026/03/18 වන දින සිට නැවත දැනුම් දෙන තෙක් බදාදා දිනයන් රජයේ නිවාඩු දිනයන් බවට ප්‍රකාශයට පත් කිරීමට රජය විසින් තීරණය කර ඇත.
සේවක අර්ථසාධක අරමුදල් අංශ මගින් ලබාදෙන පහත සේවාවන් සඳහා මේ වනවිට බදාදා දිනයන් හි වේලාවන් වෙන්කර ගෙන ඇති සාමාජිකයන් සඳහා බදාදා දිනෙන් පසු එළඹෙන ඉදිරි වැඩකරන දින 4 තුළ (බ්‍රහස්පතින්දා, සිකුරාදා, සඳුදා, අඟහරුවාදා) අදාළ කාර්යාලය වෙත පැමිණ සේවාව ලබා ගැනීමට අවස්ථාව සළසා ඇත.
සේවාවන්
• සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීම
• 30% ප්‍රතිලාභ ලබා ගැනීම
• මියගිය සාමාජික ප්‍රතිලාභ ලබා ගැනීම
• AH ලියාපදිංචිය
