මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව අවධානය යොමු වූ අතර එක් එක් ක්ෂේත්‍රය තුළ යාවත්කාලීන ඉන්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදී එක් එක් අමාත්‍යංශ ලේකම්වරුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කිරීම මෙහිදී සිදු විය.
මතු වූ කරුණු පිළිබඳව සලකා බැලූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රයන් වෙනුවන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රදේශීය පවත්වාගෙන යාමේ හැකියාව තවදුරටත් සොයා බලන ලෙසයි. එසේම නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ හැකියාව පිළිබඳ තවදුරටත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
ඉදිරියේදී මතු විය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව උපකල්පන ඉදිරිපත් කළ නොහැකි බැවින් ඉදිරියේදී මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා පෙර සූදානමක අවශ්‍යතාවයත්, ඒ වෙනුවෙන් තවදුරටත් දැනට හදුන්වා දී ඇති ඩිජිටල් කේත ක්‍රමය විධිමත් කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී දැනට හදුන්වා දි ඇති ඩිජිටල් කේත ක්‍රමයේ පවතින අඩුපාඩු හැකි ඉක්මනින් නිවැරදිව සකස් කර යාවත්කාලීන කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එසේම මතු වන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සහ අවධානයෙන් සිටිය යුතු බවත්, එක් එක් අංශයන් වෙනුවෙන් වෙන් වෙන්ව තීන්දු තීරණ ගැනීම වෙනුවට සමස්තයක් ලෙස සලකා බලා පවතින අභියෝගයට අදාළ විකල්ප ක්‍රමවේදයන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව යුහුසුළුව මැදිහත් වන ලෙසද උපදෙස් ලබා දුන්නේය.
මේ අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, ජනාධිපති ඩිජිටල් ආර්ථික උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ධනපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශ ලේකම් කෝලිත කමල් යන මහත්ම මහත්මීන් සහ ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.

Karmaya ditta dhamma vedaneeya kramayata emin pawathie
ReplyDeleteමේ දේවල් අළුත් ක්‍රම නෙවේ, කිසි දෙයක් අලුතෙන් සැලසුම් කරලා නෑ. කිව්.ආර්. කෝඩ් එකත් හරියට දී ගන්ඩ කටයුතු කරන්ඩ තාම බෑ. මේක හරියට රෝදය ආපහු හොයා ගන්නවා වගේ වැඩක්. අඩු තරමේ නවත්තපු තැනින් ඉදිරියට ගෙනියන්ඩ ඕනෑ. කිව්.ආර්. නවත්වද්දි තිබුණ කාර්යක්ෂම බව තියා ඉන් 50%ක් වත් නෑ. මේකම තමයි වුණේ 1970-77 කාලෙදි. 1970 ට කලින් තිබුණ විවෘත්ත ආර්ථිකය ඇතුලේ ඉතාම හොඳින් තරඟකාරීව ලෝකයත් එක්ක හරි හරියට නිෂ්පාදන කරපු ලංකාවේ කර්මාන්ත ශාලා, 70-77 පුරා සංවෘත්ත ආර්ථිකයක් වෙනකොට කිසිම අප්ඩේට් එකක් තිබුණේ නෑ, ඊට පස්සේ ආපහු 77 දී ආර්ථිකය විවෘත්ත කරපුවාම බිඳ වැටුණා. මෙවර කිව්.ආර්. ක්‍රමය අසාර්ථක වෙනවා ඒ විදියටම. අඩු ගානේ කිව්.ආර්. වෙනුවට තෙල් ගබඩා පහසුකම් ඇතිකරලා එකතු කර ගන්ඩ තිබුණා. අනිත් එක තමයි ෆවුසි හිටපු කාලේ ඇති කරපු හෙජින් ගිවිසුම. තෙල් හෙජින් එකක් ඒ කාලේ ඇතිකරගෙන තිබුණා, ඒක තිබුණා නම් අද මිළ ඉහළ ගියාට ප්‍රශ්ණයක් වෙන් නෑ, ඉහළ ගිය මිළ අදාල විදේශ බැංකු වලින් කවර් කරණවා, ඒත් මිළ අඩුවෙන් තියෙද්දී ඒ දවස් වල වැඩි මිළක් බැංකුවට ගෙවන්ඩ වුණ නිසා වංචාවක් ලෙස ඒක හංවඩු ගහලා ඒ ගිවිසුමෙන් ලංකාව ඒක පාර්ශ්විකව ඉවත් වුණා. මේ නිසා තෙල් මිළ ස්ථාවර කර ගන්ඩ ලෝකේ කිසිම බැංකුවක් ලංකාව සමඟ හෙජින් එකකට එන් නෑ. ඒ නිසා තෙල් ටැංකි අලුතෙන් ඉඳි කිරීම සහ තෙල් රැස් කිරීම කල යුතුව තිබුණා. නමුත් ඉතින් එව්ව කොරන්ඩ මොළේ ඕනෑ, පොත් කට පාඩම් කරළා දෙතුන් පාර ෆේල් වෙලා විභාග යන්තම් අටවගෙන අහින්සක මිනිස්සුන්ට පේන්ඩ බොරු සුදුසුකම් දාලා කෙප්ප කෙළලා ඡන්දෙ දිනුවට, ඉන් එහාට රටට වැඩක් කොරන්ඩ බෑ. මේවා මිනිස්සුත් තේරුම් ගන්ඩ වෙනවා.
ReplyDeleteAparade Uba President wenna thibuna..Pala buruwo yanna
Deleteමං ප්‍රසිඩන්ට් වෙන්ඩ ඕන් නෑ අයිසේ, උඹ වගේ බූරුවෙක් ප්‍රසිඩන්ට් වුණත් මේ ඉන්න පොල් බූරුවට වඩා වැඩිය හොඳින් කොරන්ඩ තිබ්බ.
Deleteජේවීපී ඩෝබිල මෝඩයි, දැක්මක් නැහැ, උන්ගෙ මුලු විශ්වයම පචේ උල්පත ලපය. ලපය, ලෙස්බි ඇතුලු මාලිමා සෙට් එක මුසාවාදෙ වපුරල මොල විකෘති කරල ලංකාව ලෝකෙට විවෘත කරනව වෙනුවට ගල් යුගයකට හිරකරල. අබ සරණයි.
Deleteවිශ්වයම ලපයා... හහ් හහ් හා... ඒක මරු.
DeleteWell said දඹානේ ලංකා ශ්‍රී👍👍
Deleteහුන්ඩු කොටෝ ඔය පෝස්ට් එක ලමයෙකුට දීපන්.
ReplyDeleteලප ශාපය රටම වැලඳ ගනී
ReplyDeleteබුද්ධ රූප පැහැරගැනීම, සංඝයා වහන්සේලාට පහරදීම, රනවිරුවන් සිරගත කිරීම, එසේ මෙසේ අකුසල් නෙමේ. ඒ සාපය තමයි මුන් පස්සෙ හඹාගන එන්නෙ.
Deleteරාජ්ය වදකයෝ හෙවත් රාජ්ය සේවකයෝ නම් කවදත් වැඩ කරන වේලාවෙන් වැඩි හරියක් හිටියේ ගෙදර තමයි
ReplyDelete